විද්‍යාත්මක ආකල්ප හිඟවීම, ලෝකයේ එකම සුපිරි බලවතා වසංගත පාලනයේදී පරාජිතයා වීමේ ‍හේතුවයි
2021-08-11 19:22:37
Share with:

විද්‍යාත්මක ආකල්ප හිඟවීම, ලෝකයේ එකම සුපිරි බලවතා වසංගත පාලනයේදී පරාජිතයා වීමේ  ‍හේතුවයි_fororder_19914c0c16852c035a19c93459f526a1

දේශපාලන වාසී හා අන්තර් පක්ෂ අරගලය යනාදිය නිසා, වොෂින්ටන් දේශපාලනඥයින් වසංගතයට මුහුණ දීමේදී ප්‍රති විද්‍යාත්මක ආකල්පයක් විදහා පා ඇත. ඔවුන්ගේ හැසිරීම් හා ප්‍රකාශ ලෝක වාසීන් කම්පනයට පත් වීමට හේතු වූ අතර ඇමරිකානු සමාජය බරපතල ප්‍රතිඵලයකට ගොදුරු වීමට තුඩු දී තිබේ.

චීනයේ බුද්ධි මණ්ඩල තුනක් විසින් නිකුත් කරන ලද “ඇමරිකාවට පළමු ස්ථානය හිමි වෙයි ද? ඇමරිකානු වසංගත මර්දනයේ සැබෑ තත්ත්වය” නමැති වාර්තාව, ඇමරිකානු රජය වසංගත පාලනය හා ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳව සිදු කළ ප්‍රති විද්‍යාත්මක වරද පැහැදිලි කර ඇත. විද්‍යාත්මක ආකල්ප හිඟවීම ලෝකයේ එකම සුපිරි බලවතා වසංගත පාලනයේදී පරාජිතම රට බවට පත් වීමේ ඍජු ‍හේතුව බව එම වාර්තාව පෙන්වා දී තිබේ.

මේ අතර සිය රටේ වසංගත පාලනයේ දැවැන්ත පරාජයට මුහුණ දුන් ඇතැම් ඇමරිකානු දේශපාලනඥයින් වෛරසයේ මූලාශ්‍රය සෙවීම පිළිබඳව ද ප්‍රති විද්‍යාත්මක ආකල්පයෙන් ක්‍රියා කර ඇත. බලය පවරා දීම සම්පූර්ණ කිරීමෙන් පසු ධවල මන්දිරයේ සැලසුම් සම්පාදකයින් සිය වරද ආවර්ජනය නොකර වෛරසය විද්‍යාගාරයකින් කාන්දුවීමේ කතාව අඛණ්ඩව උද්දීපනය කිරීමට තැත් කර තිබේ.

ඇමරිකාවේ ජාතික බලය කොපමණ ශක්තිමත් වුවද, විද්‍යා තාක්ෂණික හැකියාව කොපමණ දියුණු වුවද, වාසි හඹා යන දේශපාලනඥයින්ට විද්‍යාව පැහැර ගැනීමට තවත් ඉඩ දුන හොත්, දැනට පවතින තත්ත්වයට වඩා භයානක විපතක් එරටේ සිදු විය හැකි බව දැකිය හැකිය.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන