වැරදි ක්‍රියා නිවැරදි කර ප්‍රායෝගික පියවර ක්‍රියාත්මක කරන ලෙස චීනය ලිතුවේනියාවෙන් ඉල්ලයි
2021-08-11 18:29:13
Share with:

වැරදි ක්‍රියා නිවැරදි කර ප්‍රායෝගික පියවර ක්‍රියාත්මක කරන ලෙස චීනය ලිතුවේනියාවෙන් ඉල්ලයි_fororder_641

ලිතුවේනියාව, චීන-ලිතුවේනියානු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ නිවේදනයේ ජීවගුණය උල්ලංඝනය කරමින් "තායිවානය" නමින් "නියෝජිත කාර්යාලයක්" සිය රටේ විවෘත කිරීමට චීනයේ තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලකයින්ට අවසර දුන්නේය. මේ හේතුවෙන් ලිතුවේනියාවේ සිය තානාපතිවරයා ආපසු කැඳවීමට චීනය තීරණය කර ඇති අතර චීනයේ සිටින ලිතුවේනියානු තානාපතිවරයා ද ආපසු කැඳවන ලෙස ලිතුවේනියානු රජයට බල කර තිබේ. එම අසාමාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික පියවර මගින් චීනය පැහැදිලි සංඥාවක් නිකුත් කළේය. එනම්, රටේ ස්වාධිපත්‍යය හා ‍භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම පිළිබඳ චීනයේ අධිෂ්ඨානය අභියෝග කිරීමට ගත් සියළු උත්සාහයන්ට දැඩි ලෙස පහර ලැබෙනු ඒකාන්ත බවය.

ආරක්ෂාව අතින් ලිතුවේනියාව ඇමරිකාව මත උපරිම අන්දමට යැපී සිටියි. ඇමරිකාවේ වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු, ලිතුවේනියාව තායිවාන ප්‍රශ්නය යොදා ගනිමින් අඛණ්ඩව චීන රජයේ ඉවසීමට අභියෝග කිරීමට තැත් කළේ ඇමරිකාව සතුටු කිරීම සඳහා බව පැහැදිලිය. 

කෙසේ වුවද එකම චීනය පිළිබඳ මූලධර්මය චීනය සෙසු රටවල් සමග ද්විපාර්ශ්වික සම්බන්ධතාවයේ දේශපාලන පදනම බව හා චීන රජය හා ජනතාව සතු රටේ ස්වාධිපත්‍යය හා ‍භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමේ අධිෂ්ඨානය නොසැලෙන බව අවබෝධ කර ගැනීම ලිතුවේනියාවට වැදගත්ම  කාරණාවක් වී තිබේ.‍‍‍‍‍‍‍

දැවැන්ත රටවල් අතර සංවේදී ප්‍රශ්න මගින් වාසි ලබා ගැනීමට උත්සාහ කිරීම, ගින්න සමග ක්‍රීඩා කිරීමක් සේය. ලිතුවේනියාව මේ පිළිබඳව පැහැදිලි කර ගනිමින් සිය වැරදි ක්‍රියා නිවැරදි කර ප්‍රායෝගික පියවර ක්‍රියාත්මක කිරීමෙන් අයහපත් බලපෑම් අවම කළ යුතුය. තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස එක්සත්වීම, ඕනෑම කෙනෙකුට ඕනෑම බලවේගයකට බාධා කළ නොහැකි ඓතිහාසික ප්‍රවණතාවයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන