ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්තියෙහි නියැළී සිටින චීනය
2021-08-10 16:29:08
Share with:

අඛණ්ඩව වෙනස් වන ගෝලීය වසංගත තත්ත්වය හමුවේ චීන ආර්ථිකය ස්ථිර හා යහපත් තත්ත්වයක_fororder_3bf54d62ecc97e23743d27ab0e6833bb

වසර 2021ට ප්‍රවේශ වීමෙන් පසු අඛණ්ඩව වෙනස් වන ගෝලීය වසංගත තත්ත්වය හමුවේ වුවද චීන ආර්ථිකය ස්ථිර හා යහපත් තත්ත්වයක පවතිනවා. විවිධ රටවල් සමග අත්වැල් බැඳගෙන වසංගතයට මුහුණ දී ඇති චීනය ලෝකය වෙත සහයෝගතාව හා විවෘතභාවය පිළිබඳ සිය දොරටුව ද වසා දමා නොමැත.

දේශීය සංසරණය ප්‍රධාන කොටස වශයෙන් වන දෙස් විදෙස් ද්විත්ව සංසරණ එකිනෙකට ප්‍රවර්ධනය වන නව සංවර්ධන සමස්තයක් ගොඩනැගීමට චීනය ක්‍රියා කරමින් සිටිනවා. සිය ආර්ථික නම්‍යශීලිත්වය හා තරගකාරීත්වය ඉහල නැංවීමට චීනය කටයුතු කරනවා. මේ අතර වඩාත් ඉහල මට්ටමක විවෘත ආර්ථික ක්‍රමවේදයක් සංවර්ධනය කරමින් චීන ආර්ථිකයේ ඉහල ගුණාත්මක වර්ධන ප්‍රතිඵලයන් විවිධ රටවල් සමග පොදුවේ භුක්ති විඳීමට වඩාත් වැඩි අවස්ථා සැලසීමෙහි චීනය නියැළී සිටිනවා.

වසර 2021 ජනවාරි මාසයේ ලෝක ආර්ථික සංසදයේ දාවොස් න්‍යාය පත්‍ර සංවාදයට එක් වූ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රටේ ඉහල මට්ටමේ විවෘතභාවය පිළිබඳ අධිෂ්ඨානය ලෝකය වෙත  යළි ප්‍රකාශ කර තිබෙනවා.

‘ආර්ථික ගෝලීයකරණයට හැමවිටම අනුබල දක්වන චීනය විවෘතභාවය පිළිබඳ මූලික ජාතික ප්‍රතිපත්තිය ස්ථිර ලෙස ක්‍රියාත්මක කරනවා. වෙළඳ හා ආයෝජන නිදහස්කරණය හා පහසුකරණය ප්‍රවර්ධනය කරමින් ගෝලීය කර්මාන්තයේ සැපයුම් දාමය සහතික කිරීමට චීනය කටයුතු කරනවා. මේ අතර ඉහල ගුණාත්මකභාවයෙන් යුතුව එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීම ඉදිරියට මෙහෙයවීමෙහි ද චීනය නිරත වී තිබෙනවා.’

වසර 2030 වන විට එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළෙන් ලෝකයේ මිලියන 7.6ක ජනගහනය අන්ත දරිද්‍රතාවෙන් මෙන්ම මිලියන 32ක ජනගහනය මධ්‍ය දරිද්‍රතාවෙන් ද මුදවා ගැනීම සඳහා සහය දීමට අපේක්ෂා කරන බව ලෝක බැංකුවේ වාර්තාවක් සඳහන් කරනවා. එය මානවයා පොදු සමෘද්ධිය කරා ගමන් කිරීමේ වර්ධනය පිළිබඳ මාවතක් වන බව ද නිසැකයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන