දේශගුණික විපර්යාස ගැටලු විසඳීමට චීනයේ දායකත්වය
2021-08-10 16:13:54
Share with:

දේශගුණික විපර්යාස ගැටලු විසඳීමට චීනයේ දායකත්වය_fororder_TIM截图20210810161307

2021 වසරේ මුල් භාගය තුළ චීන නායකයින් නිරත වූ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු අතර දේශගුණික විපර්යාස පිළිබඳ කාරණා වැඩියෙන් දක්නට ලැබෙනවා.

පසුගිය අප්‍රේල් මාසයේ 22 වැනිදා, 52 වැනි මිහිකත දිනය නිමිත්තෙන්, නායකයින්ගේ දේශගුණ සමුළුවට රටවල හා ජාත්‍යන්තර සංවිධානවල නායකයින් 40 දෙනෙක් මාර්ගගතව සහභාගි වෙලා දේශගුණික විපර්යාසයට විසඳුම් සෙවීම පිළිබඳව සාකච්ඡා කළා. එහිදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීනයේ යෝජනාව ඉදිරිපත් ක‍ළා. එනම් මනුෂ්‍ය හා ස්වභාවික පරිසරයේ සහජීවන ප්‍රජාවක් ගොඩනැගීමයි. එය ඉටු කිරීමේ මූලධර්මයන් පිළිබඳව ද ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නා.

2030 වසරට පෙර උපරිම කාබන් විමෝචන ප්‍රමාණයට ළඟා වී ඉන් පසු පහළ යාම මෙන්ම, 2060 වසරට පෙර, කාබන් උදාසීන කිරීම පිළිබඳ චීනයේ අරමුණු දෙක පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති 75 වැනි එක්සත් ජාතීන්ගේ සමුළුවේදී, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් ප්‍රකාශ කරනු ලැබුවා. ඒ සඳහා චීනය අනිවාර්යයෙන්ම ප්‍රායෝගිකව ක්‍රියා කරනු ඇතැයි ද හෙතෙම පොරොන්දු වුණා.

ඒ අනුව, පළමු අරමුණේ සිට දෙවන අරමුණ ළඟා කර ගැනීමේ කාල සීමාව,  ලෝක ඉතිහාසයේ කෙටි ම වාර්තාව බවට පත් වනු ඇත. එහි දුෂ්කරතාව සැලකිය යුතුයි.

ලෝක පරිසර ආරක්ෂා කිරීමේදී, චීනය මුල සිට ම සිය ක්‍රියාවලි මගින් දායකත්වය ලබා දී තිබෙනවා. ලෝකයේ වර්ධනය වන හරිත ප්‍රදේශවලින් හතරෙන් එකකට චීනය දායකත්වය ලබා දුන් අතර ඉඩම් පුනරුත්ථාපනය කිරීමේ ප්‍රමාණයෙන් පහෙන් එකකට චීනය දායක වුණා. 2020 වසරේ චීනයේ නව බලශක්ති මොටර් රථ අලෙවි ප්‍රමාණය ලෝක‍යේ සමස්ත ප්‍රමාණයෙන් 55% වුණා. පසුගිය ජූලි මාසයේ 16 වැනිදා, චීනය කාබන් වෙළඳපොල ආරම්භ කළා. එය ලෝකයේ විශාලතම පරිමාණයේ කාබන් වෙළඳපොලයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන