බහුපාර්ශ්විකවාදය අනුගමනය කළ යුතු බව චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි
2021-08-10 17:04:59
Share with:

බහුපාර්ශ්විකවාදය අනුගමනය කළ යුතු බව චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි_fororder_810a19d8bc3eb135c0c4765d72545bd4fc1f44ac

බහුපාර්ශ්විකවාදය අනුගමනය කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි.

ගෙවී ගිය 2020 වසරේ නව කොරොනා වසංගතය පෙර නොවූ ආකාරයේ ලොව පුරා පැතිර ගොස් තිබෙන අතර එයින් ගෝලීය මහජන සෞඛ්‍ය සේවාවට දැඩි තර්ජන එල්ල විය.එමෙන්ම, දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු බරපතලම ආර්ථීක පසුබෑමට මානවයා මුහුණ දී සිටී. 2021 වසරේ ජනවාරි 25 වන දා ලෝක ආර්ථික සංසදයේ ඩාවෝස් න්‍යාය පත්‍ර වැඩසටහනට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වීඩියෝ මාර්ගයෙන් සහභාගී වී විශේෂ දේශනයක් සිදු කර ඇත. එම දේශනය තුළ ෂී ජින් පිං මහතා බහුපාර්ශ්විකවාදය යන වචනය වාර 11ක් සඳහන් කළේය.ලෝක ආර්ථීක වර්ධනය පෙළඹවීම, මතවාදයට ඇති පක්ෂපාතීත්වය අත්හැර දැමීම, සංවර්ධිත රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර පවතින සංවර්ධන පරතරය අඩු කිරීම, ගෝලීය අභියෝගයන්ට මුහුණ දීම, වත්මන් යුගයේ ප්‍රධාන මෙහෙවර හතරක් වන බව හෙතෙම එහිදී පෙන්වා දුන්නේය.එවැනි ප්‍රශ්න නිසි ආකාරයෙන් විසඳා ගැනීම සඳහා ගෝලීය වශයෙන් ක්‍රියා කරමින් ගෝලීය සහයෝගිතා පැවැත්විය යුතුය. බහුපාර්ශ්විකවාදය සුරක්ෂිත කරමින් පොදු ඉරණම සහිත මානව සබඳතාව ගොඩනැගිය යුතු බවද හෙතෙම පැවසීය.

එම දේශනය තුළ ෂී ජින් පිං මහතා සඳහන් කළේ, 21 වන සියවසේ බහුපාර්ශ්විකවාදය අනාගතය කරා නවීකරණය කළ යුතු බවය. එම බහුපාර්ශ්විකවාදයේ කේන්ද්‍රීය වටිනාකම හා මූලධර්මය ස්ථිර ලෙස අනුගමනය කිරීම පමණක් නොව ලෝක ව්‍යුහයේ වෙනස්කම් පදනම් කරගත් ගෝලීය තර්ජනයන්ට මුහුණ දීමට ද අවධානය යොමු කළ යුතු ය. එමෙන් පොදු එකඟතාව මත ගෝලීය පරිපාලන පද්ධතිය ප්‍රතිසංස්කරණය කරමින් පරිපූර්ණ කළ යුතු බවද ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.  

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන