“ගෝලීය වසංගත විරෝධී ක්‍රියාකාරීත්වයේ පරාජිතම රට” සහ “වසංගත පාලනය පිළිබඳව දේශපාලන මතභේද වැඩියෙන්ම පවතින රට " ඇමරිකාවයි
2021-08-10 22:20:07
Share with:

“ගෝලීය වසංගත විරෝධී ක්‍රියාකාරීත්වයේ පරාජිතම රට” සහ “වසංගත පාලනය පිළිබඳව දේශපාලන මතභේද වැඩියෙන්ම පවතින රට " ඇමරිකාවයි_fororder_rBABCWESaveAeE6NAAAAAAAAAAA141.897x504.800x450

ගෝලීය වසංගත විරෝධී ක්‍රියාකාරීත්වයේ “හොඳම”රට ඇමරිකාව ලෙසට, එරට Bloomberg News ආයතනය පසුගිය දා ශ්‍රේණිගත කර තිබිණ. ඒ කෙරෙහි “ඇමරිකාවට පළමු ස්ථානය හිමි වෙයි ද? ඇමරිකානු වසංගත මර්දනයේ සැබෑ තත්ත්වය” නමින් වාර්තාවක් පසුගිය  9 වැනිදා නිකුත් කෙරිණ. චීනයේ ප්‍රසිද්ධ බුද්ධි මණ්ඩල තුනක් විසින් නිකුත් කරන ලද එම වාර්තාව, දැඩි පර්යේෂණ, නිවැරදි දත්ත සහ විෂය මූලික කරුණු මගින් ඇමරිකාවේ වසංගත මර්දනයේ සැබෑ තත්ත්වය හෙළි කර ඇත. එමගින් ඇමරිකාව ගෝලීය වසංගත විරෝධී ක්‍රියාකාරීත්වයේ “හොඳම”රට යන බොරුව පැහැදිලි කිරීම  පමණක් නොව, අහිංසක ඇමරිකානු ජනතාව “බල ක්‍රීඩාවේ” වින්දිතයන් බවට පත් වීමේ හේතුව ලෝකයට විස්තර කළේය.

ඇමරිකාවේ පවතින ගැඹුරු පක්ෂග්‍රාහී අරගලය වසංගතය දේශපාලනීකරණය කළ අතර එයින් “මිය යා යුතු නොවන” ඇමරිකානුවෝ පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. වසංගතය මතු වීමේ මුල් අදියරේදී එවක ඇමරිකානු රජය වසංගත අනතුරු ඇඟවීම් නොසලකා වසංගතයේ අවදානම් අවතක්සේරු කළ අයුරු ලෝ වැසියන්ට අමතක කළ නොහැකිය. PCR පරීක්‍ෂණය, මුඛ ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පැවතීම, එන්නත් ලබා දීම, හදිසි අර්බුදයෙන් ගලවා ගැනීමේ කෙටුම්පත් යන වසංගතය හා සම්බන්ධ සෑම පියවරක් තුළදීම පක්ෂ දෙක අතර ගැටුම් පිරී පවතී.

" අභ්‍යන්තර දේශපාලන ඝර්ෂණය"හේතුවෙන් ඇමරිකාවේ වසංගත වැළැක්වීමේ ප්‍රතිපත්තිය අවුල් වන අතර අදාළ ක්‍රියාවන් ඉතා මන්දගාමී වේ. එහෙයින් වසංගතය ඇමරිකාවේ මතු වී මාස 6කට පසුව ද ෆෙඩරල් රජය ඒකාබද්ධ ජාතික උපාය මාර්ගයක් සකස් කර නොමැත.මේ වන විටත් විශාල මානුෂීය ව්‍යසනයන් ඇමරිකාව තුළ ව්‍යාප්ත වෙමින් පවතී.වත්මන් ඇමරිකාව ජනතාවගේ මූලික මානව හිමිකම් නොසලකා දේශපාලන හැසිරවීම් අඛණ්ඩව සිදු කරමින් සිටී. කෙසේ වෙතත් ඇමරිකාව ගෝලීය වසංගත විරෝධී ක්‍රියාකාරීත්වයේ “හොඳම”රට බවට නොගැලපෙන බව පැහැදිලිය.ඇමරිකාව “ගෝලීය වසංගත විරෝධී ක්‍රියාකාරීත්වයේ පරාජිතම රට” සහ “වසංගත පාලනය පිළිබඳව දේශපාලන මතභේද වැඩියෙන්ම පවතින රට " යන නම් වඩාත් සුදුසු ය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන