ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලෝකයට ලබාදුන් වැදගත් අර්ථය
2021-08-09 22:54:51
Share with:

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලෝකයට ලබාදුන් වැදගත් අර්ථය_fororder_QQ截图20210809224956

32 වන ගිම්හාන ඔලිම්පික්‍ ක්‍රීඩා උළෙල ඊයේ(8) රාත්‍රී ජපානයේ ‍ටෝකියෝහිදී අවසන් විය. නව කොරොනා වසංගතය හේතුවෙන් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල වසරකින් කල් දමනු ලැබූ අතර ශුන්‍ය ප්‍රේක්ෂක තත්ත්වයක් යටතේ එය පැවැත්වීමට සිදු විය. ඔලිම්පික් ආදර්ශ පාඨයට ‘එකමුතුව’ යන වාක්‍යය එකතු කිරීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ඔලිම්පික් ක්‍රීඩා උළෙල වශයෙන් මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට තවත් වැදගත් අර්ථයන් රැසක් හිමි වී තිබේ.

ක්‍රීඩා ක්ෂේත්‍රය පැත්තෙන් බලන විට, වසංගත තත්ත්වය විවිධ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කායික පුහුණුවට හා මානසික තත්ත්වයට යම් දුරකට බලපා ඇති නමුත්, අසීරුතා මඟ හැර හොඳම කල් කිරියාවලින් ‘වඩා වේගවත්, වඩා ඉහළ සහ වඩා ශක්තිමත්’ නව වාර්තා නිර්මාණය කිරීමට ඔවුන්ට හැකි වී තිබේ.

ක්‍රීඩා නියෝජිත කණ්ඩායම් 65ක් රන් පදක්කම් දිනා ගෙන ඇති අතර ක්‍රීඩා නියෝජිත කණ්ඩායම් 93ක් පදක්කම් ලබා ගැනීමට සමත් වූහ. ගෝලීය පරාසය තුළ ක්‍රීඩා තරග මට්ටම පුළුල් ලෙස ඉහල යාමට එය සාක්ෂියක් වී තිබේ.

ඔලිම්පික් සංකල්පය අතින් බැලුව හොත්, ඔලිම්පික් ආදර්ශ පාඨයට ‘එකමුතුව’ යන වාක්‍යය එකතු කිරීම, ඔලිම්පික් ජීවගුණයට නව අන්තර්ගතයක් හඳුන්වා දී ඇත. ක්‍රීඩා ඉසව් තරගවලින් විදහා පාන එකමුතු ශක්තිය, මානවයාට වත්මන් අභියෝගයන්ට මුහුණ දීමට අතිශයින් වැදගත්ය.

මේ ලෝකයේ හුදකලා ව මනා ලෙස පැවතිය හැකි ස්ථානයක් නොමැත. නව කොරොනා වසංගතය, ගෝලීය ආර්ථික පුනර්ජීවනය ඉදිරියට මෙහෙයවීම, දේශගුණික විපර්යාසය, ආදී මේ සියළු ම අභියෝගයන්ට මුහුණ දීමේදී ලෝ වැසියන් මතභේද පසෙක තබා සමගියෙන් කටයුතු කළ යුතුය.

මෙය නවීන ඔලිම්පික් ව්‍යාපාරය විසින් මුලපුරන ලද ‘මානවයාගේ සුසංගතබව පවත්වා ගෙන යමින් සුන්දර ලෝකය පොදුවේ ගොඩනගන්නෙමු’ යන මූලික සාරධර්මය, මානව සමාජයේ සංවර්ධනයට ලබා දෙන මෙහෙවරක් ලෙසට සැලකිය හැකිය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන