ඇමරිකාව චීනයට එරෙහිව විවිධ ව්‍යාජ කතාන්දර ගොතමින් සිටියදී චීනය‍ ගෝලීය කොරොනා මර්දනය වෙනුවෙන් ඉතා ක්‍රියාශීලි ව කටයුතු කරයි
2021-08-06 21:14:17
Share with:

කොරොනා වෛරසයේ ප්‍රභවය පිළිබඳව පරීක්ෂණ පවත්වන ලෙස ඇමරිකානු ජනාධිපතිවරයා පසුගිය මැයි මාසයේ එරට ඔත්තු සේවයට කළ නියෝගයට අනුව තව දින 15කින් පමණ ඊට අදාළ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත ව ඇත. මේ දිනවල ඇමරිකාවේ මාධ්‍ය, දේශපාලනඥයන් සහ ඔත්තු සේවය චීනයට එරෙහිව මඩ ගැසීමට ඉතා උනන්දුවෙන් කටයුතු කරමින් සිටින්නේ එබැවිනි.

අද (05) ඇමරිකාවේ CNN ආයතනය නිකුත් කළ විශේෂ වාර්තාවක්  එහි කදිම නිදසුනකි. එම වාර්තාවට අනුව ඇමරිකාවේ ඔත්තු සේවය පරීක්ෂණ සිදු කිරීමේදී ජාන දත්ත බැංකුවක් සොයාගෙන තිබේ.චීනයේ වු හැන් පරීක්ෂණාගාරයේ ජාන දත්ත ද එහි ඇති බවත්, එම දත්ත වි‍ශ්ලේෂණ කිරීමෙන් පසු කොරොනා වෛරසයේ ප්‍රභවය පිළිබඳ තීරණාත්මක තොරතුරු ලබා ගත හැකි බවත්, CNN ආයතනය පැවසීය. එහෙත් ඇමරිකාවේ ඔත්තු සේවය මෙම දත්ත කෙසේ ද සහ කුමන කාලයේ ද ලබා ගත්තේ ද කියා නොදන්නා බව CNN ආයතනය කියා සිටියේ ය. කිසිදු සත්‍යයක් රහිත ව චීනය ඉලක්ක කරගෙන ව්‍යාජ වාර්තා හෝ තොරතුරු නිර්මාණය කිරීම ඇමරිකාව කොරොනා වෛරසයේ ප්‍රභවය පිළිබඳව කටයුතු කිරීමේදී යොදා ගන්නා සුපුරුදු ක්‍රමවේදයකි.

ඇමරිකාව චීනයට එරෙහිව විවිධ ව්‍යාජ කතාන්දර ගොතමින් සිටියදී චීනය‍ ගෝලීය කොරොනා මර්දනය වෙනුවෙන් ඉතා ක්‍රියාශීලි ව කටයුතු කරමින් සිටී.මේ වසරේ ‍ලෝකය වෙනුවෙන් කොරොනා මර්දන එන්නත් මාත්‍රා බිලියන 20ක් ලබා දෙන බව චීනය ඊයේ (05) ප්‍රකාශ කළේ ය. එමෙන් ම සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් බෙදා දීම සඳහා ‍COVAX සැලැස්මට ඇමරිකානු ඩොලර් කෝටි 10ක් පරිත්‍යාග කිරීමට චීනය තීරණය ක‍ර තිබේ.

කොරොනා වසංගතය හමුවේ ඇමරිකාව සහ චීනය හැසිරෙන ආකාර අතර කෙතරම් වෙනසක් ඔබටම  විමසා බැලිය හැකිය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන