ඇතැම් ඇමරිකා දේශපාලනඥයින්ගේ චීනයේ හොංකොං පිළිබඳ "ප්‍රසිද්ධ කියමන" නැවත නැවතත් කියයි
2021-08-06 21:10:15
Share with:

ඇතැම් ඇමරිකා දේශපාලනඥයින්ගේ චීනයේ හොංකොං පිළිබඳ "ප්‍රසිද්ධ කියමන" නැවත නැවතත් කියයි_fororder_ruip

තමා හොංකොං වැසියන් සමඟ නැගී සිටීම යන වාක්‍ය නිතරම කියන ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken, සිය "ප්‍රසිද්ධ කියමන" නැවත නැවතත් කියයි.

ඔහු ඊයේ(5) සමාජ මාධ්‍ය මගින් පෙන්වා දුන්නේ, ඇමරිකානු ජනාධිපතිවරයාගේ "බලහත්කාරයෙන් පිටත් කිරීම කල් දැමීම" යන නියෝගයට අනුව, හොංකොං වෙත ආපසු යාමට බිය වන අය සඳහා ඇමරිකාව "ආරක්ෂිත තෝතැන්නක්" වනු ඇති බවයි.

ඇතැම් ඇමරිකා දේශපාලනඥයින් මෙවැනි දේ කිරීමේ අරමුණ කුමක් ද? පිළිතුර දැනටමත් ඉතා පැහැදිලිය.

චීන හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ජාතික ආරක්‍ෂක නීතිය ක්‍රියාත්මක කර වසරක් තුළ, හොංකොං නැවත සමෘද්ධියේ හා සංවර්ධනයේ මාවතට පැමිණ ඇත.

ඇමරිකාවේ ඇතැම් පුද්ගලයෝ අසමත් වීම පිළිගැනීමට අකමැති බැවින්, කුඩා චලනයන් අඛණ්ඩව  සිදු කරමින් සිටිති.

එහෙත් චීන විරෝධී කැරලිකරුවන් වෙනුවෙන් ඇමරිකාවට සැබවින්ම "ආරක්ෂිත තෝතැන්නක්" ලබා දිය හැකි ද?

ලෝකයේ නව කොරොනා  ආසාදිතයන් සංඛ්‍යාව වැඩිම සහ මරණ සංඛ්‍යාව වැඩිම රට ලෙස, ඇමරිකාවේ මෑතකදී අලුතින් තහවුරු වූ රෝගීන්, මරණ සහ රෝහල් ගත කිරීම් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස යළිත් උග්‍රවී තිබේ.

එපමණක් නොව, ඇමරිකාවේ බොහෝ ස්ථානවල සාහසික අපරාධ ඉහළ යමින් පවතින අතර, New York ජනපධය හදිසි නීතිය පවා ප්‍රකාශයට පත් කළේ ය.

චීන හොංකොං විශේෂ පරිපාලන කලාපයේ සමස්ත තත්ත්වය යහපත්වී ඇත. ජුනි මස අවසානයේ සමීක්‍ෂණයට අනුව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 75.7% ක් හොංකොං හි ජාතික ආරක්ෂක නීතිය ක්‍රියාත්මක කිරීමේ සාර්ථකභාවය පිළිබඳව සෑහීමකට පත්ව සිටිති.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන