ඇමරිකානු දේශපාලනඥයින් හොංකොං ආශ්‍රිත ප්‍රතිපත්තිවලට අපහාස කිරීමට එරෙහිව බලවත් ප්‍රතිප්‍රහාරයක්
2021-08-05 14:10:23
Share with:

ඇමරිකානු දේශපාලනඥයින් හොංකොං ආශ්‍රිත ප්‍රතිපත්තිවලට අපහාස කිරීමට එරෙහිව බලවත් ප්‍රතිප්‍රහාරයක්_fororder_src=http___news.lnd.com.cn_pic_003_003_262_00300326248_e6dd2948&refer=http___news.lnd.com

චීනයේ ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සිය ඊයේ(4) "ඇමරිකානු දේශපාලනඥයින් සමඟ හරියටම සිටින්නේ කවුද? ——හොංකොං ආශ්‍රිත ගැටලු මගින් චීනයේ අභ්‍යන්තර කටයුතු වලට ඇමරිකාව හිතමතාම ඇඟිලි ගැසීම් පිළිබඳ සත්‍ය" නමැති ලිපිය පළ කළේය. ඇමරිකානු නව රජය බලයට පත් වූ දා සිට ම හොංකොං ආශ්‍රිත ගැටලු මගින් චීනයට සිදු කළ අනපේක්ෂිත ප්‍රහාර එම ලිපියෙහි පිළිවෙළින් සඳහන් වේ. සවිස්තර කරුණු වර්ණනා කරන එම ලිපිය සත්‍ය ප්‍රතිස්ථාපනය කර තිබේ.

හොංකොං විශේෂ පරිපාලන කලාපයේ මැතිවරණ ක්‍රමය සැලසුම් කරන්නේ සහ වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න තනිකරම චීනයේ අභ්‍යන්තර කටයුතු වන නිසා කිසිදු විදේශීය බලවතෙකුට ඊට මැදිහත් වීමට අයිතියක් නැති බව එම ලිපිය පෙන්වා දේ.

එම ලිපියට අනුව, හොංකොං හි දිගුකාලීන ස්ථාවරභාවය පවත්වා ගැනීම සඳහා චීනය ගත් පියවර පුළුල් ජාත්‍යන්තර සහයෝගයට ලක් ව තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේදී රටවල් 70 කට වැඩි ප්‍රමාණයක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් හොංකොං සහ චීනයේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීම නතර කරන ලෙස ඉල්ලීමක් කළේය. තවත් රටවල් 20කට වැඩි සංඛ්‍යාවක් ද සිය දේශන මගින් චීනයට දෙන සහාය ප්‍රකාශයට පත් කොට ඇත.

හොංකොං ජාතික ආරක්‍ෂක නීතිය වැනි බලවත් ක්‍රියාමාර්ග මාලාවක් අඛණ්ඩව ක්‍රියාවට නංවාලීමත් සමඟම හොංකොං හි සමාජ පිළිවෙල යථා තත්ත්වයට පත් වී ඇති අතර හොංකොං වඩාත් ස්ථාවර හා සමෘද්ධිමත් වී තිබේ. එමෙන් ම "එක් රටක්, ක්‍රම දෙකක්" ප්‍රතිපත්තිය ද එහිදී මනාව ක්‍රියාත්මක කෙරෙමින් පවතී. ඇමරිකානු දේශපාලනඥයින් හොංකොං ආශ්‍රිත ප්‍රතිපත්තිවලට අපහාස කිරීමට එරෙහිව එල්ල වූ බලවත්ම ප්‍රතිප්‍රහාරය මෙයයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන