කොරොනා වෛරසයේ ප්‍රභවය සෙවීම පිළිබඳ ඇමරිකා දේශපාලනඥයන් ත්‍රස්තවාදී අයුරෙන් ක්‍රියා කිරීමෙන් සමස්ත ලෝකයටම හානි ගෙන දෙයි
2021-08-04 20:22:23
Share with:

කොරොනා වෛරසයේ ප්‍රභවය සෙවීම පිළිබඳ ඇමරිකා දේශපාලනඥයන් ත්‍රස්තවාදී අයුරෙන් ක්‍රියා කිරීමෙන් සමස්ත ලෝකයටම හානි ගෙන දෙයි_fororder_a6efce1b9d16fdfa46e586c3fcac655c94ee7b3a

ඇමරිකානු මහජන මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු කමිටුවේ ජනරජ පක්ෂයේ ප්‍රධාන සාමාජික Michael McCaul පසුගිය 2 වනදා වාර්තාවක් පළ කළේය. කොරොනා වෛරසය 2019 වසරේ සැප්තැම්බර් මාසයට පෙර Wuhanහි වෛරස පර්යේෂණාගාරයකින් පිටවීම පිළිබඳ සාක්ෂි ඇති බව ඔහු අපහාස කරමින් පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධාන-චීන ඒකාබද්ධ පරීක්ෂණ කණ්ඩායම මේ වසරේ පළ කළ වාර්තාවට අනුව කොරොනා වෛරසය චීන පර්යේෂණාගාරයකින් පිටවීම අතිශයින් සිදු විය ‍නොහැක්කක් බව පෙන්නුම් කෙරිණ. ඉන් පසු ඇතැම් ඇමරිකානු පුද්ගලයන් වෛරසය චීන පර්යේෂණාගාරයකින් පිටවීම යන මතය සියළු ආකාරයෙන් උද්දීපනය කර චීනය වෙත ඊනියා චෝදනා නගා ඇත.

ඇමරිකාවේ ජෛව සෞඛ්‍ය ලීගයේ සභාපති Peter Daszak ලෝක සෞඛ්‍ය සංවිධාන‍යේ විශේෂඥයෙක් ලෙස මේ වසරේ චීනයට පැමිණ වෛරස ප්‍රභවය සෙවීමේ නිරත වී ඇත. චීනය වෙනුවෙන් සාධාරණව අදහස් පළ කිරීම හේතුවෙන් ඔහුගේ පර්යේෂණ මුදල් ඇමරිකා ජාතික සෞඛ්‍ය පර්යේෂණ ඇකඩමිය විසින් අත්හිටුවා ඇත. තමන් ඇතුළු බොහෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් ඇමරිකාවේ පීඩනයට මුහුණ දෙන බව ලෝක ‍සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ රුසියා වෛරස විද්‍යාඥ Dmitry Lvov හෙළි කළේය. වසංගතය සම්බන්ධ සැබෑ තත්ත්වය වෛරස විද්‍යාඥයන් විසින් ප්‍රකාශ කිරීමට ඇමරිකාව කැමැත්ත නොදක්වයි. ඇමරිකාවේ ක්‍රියාවෙන් ගෝලීය විද්‍යා ක්ෂේත්‍රයට කොරොනා වෛරසයේ ප්‍රභවයන් සෙවී‍මේ ක්‍රියාවලියට බාධා එල්ල කරන බව Dmitry Lvov කීවේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන