චීන ඇමරිකා සම්බන්ධතාව පිළිබඳ චීනයේ ස්ථාවරය පැහැදිලි කෙරේ
2021-07-27 14:27:51
Share with:

චීන ඇමරිකා සම්බන්ධතාව පිළිබඳ චීනයේ ස්ථාවරය පැහැදිලි කෙරේ_fororder_ca9ace08bc2e697c424d64c555ba7a30

චීන උප විදේශ ඇමති Xie Feng මහතා ඇමරිකාවේ ස්ථාවර නියෝජ්‍ය රාජ්‍ය ලේකම් Wendy Sherman මහත්මිය සමඟ චීනයේ ටියැන්ජින් හිදී ඊයේ(26) සාකච්ඡාවක් පැවැත්වීය. චීන ඇමරිකා සම්බන්ධතාව පිළිබඳ චීනයේ ස්ථාවරය එහිදී චීනය විසින් ගාම්භීර ලෙස පහදා දී තිබිණ.

චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම්, චීනයේ පලප්‍රයෝජනයන්ට හානි කිරීම්, ප්‍රකෝපකාරී ක්‍රියා හා සාරධර්ම මුවාවෙන් කණ්ඩායම් ගැටුමක නිරත වීම වහාම නතර කරන ලෙස චීනය එම සාකච්ඡාවේදී ඇමරිකාවෙන් ඉල්ලා ඇත.

චීනය සම්බන්ධයෙන් ඇමරිකාව තුළ ඇති ඉතා වැරදි සහගත අවබෝධය නිවැරදි කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා ඇත. ඇතැම් ඇමරිකානුවන් චීනය මනංකල්පිත සතුරෙකු වශයෙන් සලකා ඇමරිකාව මුහුණ පා ඇති දෙස් විදෙස් ගැටළු විසඳා ගත හැක්කේ චීන සංවර්ධනය මර්දනය කිරීම මගින් යැයි අදහස් කරයි.

ඒ හේතුවෙන් සාකච්ඡාව තුළදී යෝජනා දෙකක් චීනය විසින් ඉදිරිපත් ක‍රනු ලැබීය. ඇමරිකාව කොන්දේසි විරහිතව චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින් හා ඔවුන්ගේ ඥාතීන්ට එරෙහි වීසා සීමා අහෝසි කිරීම, චීනයට එරෙහි නීති විරෝධී සම්බාධක ඉවත් කිරීම, මෙන්ග් වන්චෞ මහත්මිය කෙරේ උදර්පණ ඉල්ලුම ඉවත් කිරීම ඊට ඇතුළත්ය. චීනයේ ඉල්ලුම්, හේතු සහගත මෙන්ම සාධාරණය. එය වත්මන් චීන ඇමරිකා සබඳතාව අයහපත් වීමේ දිශාව වෙනස් කිරීමටත් ඉන් මුදවා ගැනීමටත් මාර්ගය පෙන්වා දී තිබේ.

Wendy Sherman මහත්මියගේ චීන සංචාරය මගින් ඇමරිකානු චීන සම්බන්ධතාවට ආරක්ෂක වැටක්  සකසා දිය හැකි යැයි ඇමරිකාව සාකච්ඡාවට පෙර බලාපොරොත්තු පළ කර ඇත. චීනය ඉදිරිපත් කළ මූලධර්ම හා යෝජනා, ඇමරිකාවට අවශ්‍ය බෙහෙත් වට්ටෝරු මෙන්ම එය චීන ඇමරිකානු සම්බන්ධතාවට සැබෑම ආරක්ෂක වැටක් ද වනු ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන