කොරොනා වෛරසයේ මූලාරම්භය සොයා ගැනීමේ පර්යේෂණය, දේශපාලනීකරණයට ලක් නොවිය යුතු බව අවධාරණය කෙරේ
2021-07-23 11:01:42
Share with:

කොරොනා වෛරසයේ මූලාරම්භය සොයා ගැනීමේ පර්යේෂණය, දේශපාලනීකරණයට ලක් නොවිය යුතු බව අවධාරණය කෙරේ_fororder_def459897a6a4bac92c30825e780f8a8

ලෝක සෞඛ්‍ය සංවිධානය මෑතකදී නිකුත් කළ කොරොනා ‍වෛරසයේ මූලාරම්භය සොයා ගැනීමේ දෙවැනි අදියරේ සැලැස්මට අනුව චීනය පර්යේෂණාගාර රෙගුලාසියට ‍එරෙහිව ක්‍රියා කිරීම හේතුවෙන් වෛරසය රසායනාගාරයකින් කාන්දුවීමක් පිළිබඳ උපකල්පිතය එම සැලැස්මේ ප්‍රධාන පර්යේෂණ අන්තර්ගතයන් ගෙන් එකක් බවට පත් විය. එය පසුගිය මාර්තු මස අගදී ලෝක සෞඛ්‍ය සංවිධාන‍ය නිකුත් කළ ගෝලීය වෛරසයේ මූලාරම්භය සොයා ගැනීමේ චීන කොටස් පිළිබඳ ඒකාබද්ධ පර්යේෂණ වාර්තාවේ ප්‍රතිඵලයට දැඩි ලෙස නොගැළපේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොරොනා ‍වෛරසයේ මූලාරම්භය සොයා ගැනීමේ දෙවැනි අදියරේ සැලැස්මේ අදාළ උපකල්පිතය සත්‍ය පදනම් කර ‍නොගන්නා බව පැහැදිලිව දක්නට ලැබේ. මූලාරම්භය සොයා ගැනීමේ විද්‍යාත්මක කාර්ය දේශපාලන බලලෝභීත්වය හා සම්බන්ධ වන බව ඉන් පිළිබිඹු වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන්ගේ කණ්ඩායම දෙවතාවක් චීනයට පැමිණ ඇත. එම සංචාර වල දී විශේෂඥයන් Wuhan වෛරස පර්යේෂණ ආයතනයේ අධීක්ෂණයක නිරත වී ඇත. කොරොනා වෛරසය චීන පර්යේෂණාගාරයකින් පිටවීම අතිශයින් සිදු විය ‍නොහැක්කක් බව එම පර්යේෂණයේ  ප්‍රතිඵලය  ලෙසට දැක්වේ. එම ප්‍රතිඵලය, විද්‍යාත්මක පරීක්ෂාව හා ඓතිහාසික පරීක්ෂාව ද පසු කළ හැකි ය.

නව කොරොනා වෛරසය, Wuhan පර්යේෂණාගාරය හා සම්බන්ධතාවක් නැතැයි යන මතය ජාත්‍යන්තර ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ ද එකඟතාවට පැමිණ ඇති මතයකි. කොරොනා වෛරසය ලෝකයේ බොහෝ ප්‍රදේශවල මතු වූ කාලය, මානවයන් දැන ගත් කාලයට වඩා පෙර  බව වඩ වඩාත් සාක්ෂි වලින් පෙන්නුම් කර ඇත. Fort Detrick ජෛව පරීක්ෂණාගාරය හා 2019 වසරේ ඒ අසළ මතු වූ අභිරහස් නියුමෝනියාව වෙත අවධානය ‍යොමු කළ යුතු ය. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොරොනා ‍වෛරසයේ මූලාරම්භය සොයා ගැනීමට දෙවැනි අදියරේ සැලැස්මේ ප්‍රධාන පර්යේෂණ අන්තර්ගතයට පත් විය යුතු ය.

මේ වනවිට රටවල් 55ක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපි යොමු කර ඇත. ගෝලීය වෛරසයේ මූලාරම්භය සොයා ගැනීමේ පර්යේෂණය කිරීමට අනුබල දෙමින් එම රටවල් 55 එය දේශපාලනකරණය කිරීමට විරෝධය පළ කළහ.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන