ඇමරිකාව ගෝලීය අන්තර් ජාල ආරක්ෂාවේ විශාලතම නාශකයා බවට විවාදයක් නොමැත
2021-07-21 20:04:08
Share with:

ඇමරිකාව ගෝලීය අන්තර් ජාල ආරක්ෂාවේ විශාලතම  නාශකයා බවට විවාදයක් නොමැත_fororder_19914c0c16852c035a19c93459f526a1

චීනය ඇමරිකාවට අන්තර් ජාල ප්‍රහාර එල්ල කරන බවට මෑතකදී ඇමරිකාව සිය බටහිර සන්ධාන රටවල් කිහිපයක් සමග එක්ව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. එහෙත් ඇමරිකාව ඒ සඳහා පළ කළ ඊනියා තාක්ෂණික සවිස්තර තොරතුරුවලින් පූර්ණ සාක්ෂි දාමයක් හැඩ ගැසිය නොහැකිය. චීනයට එරෙහි අදාල චෝදනාව, ඇමරිකාව විසින් ගොතන ලද තවත් ව්‍යාජයක් වන අතර එය සොරුන් අල්ලා ගන්නා ලෙසට සොරුන් ගෙන්ම කළ ඉල්ලීමක් වැනි ක්‍රියාවකි.

සත්‍ය වශයෙන්ම ලෝකයේ විශාලතම හැකර් රාජ්‍යය කවරක් ද කියා කියන ප්‍රශ්නයට පිලිතුර පැහැදිලිය. ඇමරිකාව එහිදී දෙවෙනිදා කියා ස්වයංව නම් කළහොත්, එහි පළමු වැනි ස්ථානය හිස් ය. දිගු කාලයක් තිස්සේ අන්තර් ජාල සුරක්ෂිත ක්ෂේත්‍රයේදී ඇමරිකාව සිය තාක්ෂණ ප්‍රමුඛතාව මගින් ලෝකය වෙත විශාල පරිමාණයේ රහස් සවන් දීම් සිදු කරමින් සෙසු රටවල සංවේදී තොරතුරු හා පුරවැසියන්ගේ පෞද්ගලික තොරතුරු නීති විරෝධී ‍ව එක්රැස් කිරීමෙහි නියැලී සිටියි.  ‘PRISM’ සැලැස්ම හෝ වේවා පසුගියදා ඩෙන්මාර්ක් මාධ්‍යයන් විසින් අනාවරණය කළ ‘සන්ධාන රටවලට රහස් සවන් දීමේ සිද්ධිය’ හෝ වේවා  ඇමරිකාව ගෝලීය අන්තර් ජාල ආරක්ෂාවේ විශාලතම  නාශකයා බව ලෝක වාසීන්ට පැහැදිලි වී ඇත.

බටහිර රටවල ආධිපත්‍ය පටිපාටිය සහතික කිරීම සඳහා ඇමරිකාව සිය සන්ධාන රටවල් සමග ‘Five Eyes’ සන්ධානය බිහිකර මුළු ලෝකයම ආවරණය වන ඔත්තු සේවා අන්තර් ජාලයක් ගොඩ නගා තිබේ. අන්තර් ජාල ප්‍රහාරවලින් චීනය ඇතුළු උපායමාර්ගික තරගකරුවන්ට සිය මතවාදයන් බලහත්කාරයෙන් පැටවීම ඇතුළු විනාශකාරී ක්‍රියා සිදු කිරීම එහි උපායකි.

සෙසු රටවලට අන්තර් ජාල ප්‍රහාර එල්ල කරමින්ම තමා ‘අන්තර් ජාල ආරක්ෂකයා’ ලෙස ස්වයංව නම් කර ගන්නා ඇමරිකාව ඇතුළු බටහිර රටවල් යොදා ගන්නා ද්විත්ව ප්‍රමිති හා ඔවුන්ගේ කුහකකම ලෝක වාසීන් වප‍රැසින් දකී.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන