මීළඟ අදියරේ වෛරසයේ මූලාශ්‍රය සෙවීමේ කටයුතුවල අවධානයට ලක් විය යුතු ම රට ඇමරිකාවයි
2021-07-20 20:15:20
Share with:

මීළඟ අදියරේ වෛරසයේ මූලාශ්‍රය සෙවීමේ කටයුතුවල අවධානයට ලක් විය යුතු ම රට ඇමරිකාවයි_fororder_3f4910561ab1813fb4ad3b6451d8a5d9

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලේකම් කාර්යාලය පසුගියදා ‍කොරොනා වෛරසයේ මූලාශ්‍රය සෙවීම පිළිබඳ දෙවන අදියරේ කාරක සැලැස්ම ඉදිරිපත් කළේය. එහෙත් එම සැලැස්ම චීනය ඇතුළු බොහෝ රටවල ස්ථාවරයට නොගැ‍ලපේ. ‍වෛරසයේ මූලාශ්‍රය සෙවීම විද්‍යාත්මක ව සිදු කළ යුතු බවටත් දේශපාලන බලය ඊට මැදිහත් නොවිය යුතු බවටත් මේ වන විට රටවල් 55ක් ලෝක‍ සෞඛ්‍ය සංවිධානයේ මහ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් ආයාචනා කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට කොරොනා වසංගත තත්ත්වය ප්‍රථමයෙන්ම වාර්තා කරනු ලැබුවේ චීනය විසිනි. වෛරසයේ මූලාශ්‍රය සෙවීමේ කටයුතුවලදී සැමවිටම විනිවිද ලෙස කටයුතු කළ චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥවරුන්ට චීනයේ පර්යේෂණය සිදු කිරීමට දෙවරක් ආරාධනා කළේය.  එම විශේෂඥවරු වූහන් වෛරස් පර්යේෂණාගාරය ඇතුළු විවිධ ජෛව පරීක්ෂණාගාරවලට පැමිණ නිරීක්ෂණය කරමින් චීන පාර්ශ්වය සමග පුළුල් හා අවංක සංවාද පැවැත් වූහ.

පසුගිය මාර්තු මස 30 වනදා ‍කොරොනා වෛරසයේ මූලාශ්‍රය සෙවීමේ ගෝලීය ව්‍යාපාරයේ චීනයේ කොටස සම්පූර්ණ කෙරිණ. ලෝක සෞඛ්‍ය සංවිධාන-චීන ඒකාබද්ධ පරීක්ෂණ කණ්ඩායම නිල වශයෙන් ඒ පිළිබඳ වාර්තාවක් පළ කරමින් නව කොරෙනා වෛරසය චීනයේ පරීක්ෂණාගාරයකින් පිටවීමේ හැකියාව ඉතාම අවම බව පෙන්වා දී තිබිණ. ගෝලීය වශයෙන් වඩාත් විශාල පරාසයක් තුළ හැකි පමණින්, කළින් වාර්තා වූ ආසාදිත සිද්ධීන් හඳුනා ගැනීම මීළඟ අදියරේ කටයුතුවලට ඇතුළත් විය යුතු බව ද එම වාර්තාව පවසයි. එම වාර්තාවේ නිගමනයන් හා යෝජනා, ගරුත්වය හා ආරක්ෂාවට ලක් විය යුතුය.

මේ අතර වසංගතයට මුහුණ දීමේදී විශාලතම පසුබෑමකට ලක්වූ ඇමරිකාවේ වසංගත පාලන කටයුතු තුළ සැක සහිත කාරනා රැසක් දක්නට ඇත. වැඩිම ආසාදිතයින් මෙන්ම වැඩිම මරණ සංඛ්‍යාවත් වාර්තා වූයේ ඇමරිකාවෙනි. ඇමරිකාව, මීළඟ අදියරේ වෛරසයේ මූලාශ්‍රය සෙවීමේ කටයුතුවල අවධානයට ලක් විය යුතු ම රට බව පැහැදිලිය. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන