සුප්‍රසිද්ධ ඇමරිකානු මාධ්‍ය ආයතනයක් වන Bloomberg සහ ජනමත විමසීම් ආයතනයක් වන Pew පර්යේෂණ මධ්‍යස්ථානය මෑතකදී නිකුත් කළ ජනමත විමසීම් ප්‍රතිඵල දෙකක් ගෝලීය මහජන මතය සමච්චලයට ලක් කර ඇත.
Bloomberg ආයතනය, සංශෝධනය කෙරුණු ඇගයීම් නීති මත, ඊනියා " වසංගතය පාලනය කිරීමේදී ලෝකයේ හොඳම රට ඇමරිකාව " යැයි නිගමනය කළේය. එය ගෝලීය දෝෂාරෝපනයට ලක් විය.
Pew පර්යේෂණ මධ්‍යස්ථානය පසුගියදා සිදු කළ චීනයේ ජාත්‍යන්තර ප්‍රතිරූපය පිළිබඳ සමීක්ෂණයේදී, දියුණු ආර්ථිකයන් 17 ක් පමණක් තෝරාගෙන ඇත. ඒ මත පදනම්ව නිගමනය වූයේ “ චීනයේ ප්‍රතිරූපය තවමත් ඍණාත්මක යැයි බහුතරයක් විශ්වාස කරති” යන්නයි. එහෙත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 190 කට වඩා වැඩිය. ජාත්‍යන්තර ප්‍රජාව නියෝජනය කළ හැක්කේ රටවල් හා කලාප 17 කට පමණක් ද?
Bloomberg ආයතනයේ සහ Pew පර්යේෂණ මධ්‍යස්ථානයේ ක්‍රියාවන් තුළින් ඇතැම් බටහිර මාධ්‍ය සහ ආයතන චීනය පිළිබඳව දරන ස්ථිර ආකල්පය පිළිබිඹු කෙරේ. එමෙන්ම එමගින් එම මාධ්‍ය සහ ආයතන ඇමරිකානු රජය සමඟ පවතින රහස් සම්බන්ධතා තවදුරටත් හෙළි කෙරේ.
Pew පර්යේෂණ මධ්‍යස්ථානය විසින් චීනය පිළිබඳව සිදු කරන ලද බොහෝ ජනමත විමසීම් පවත්වනු ලබන්නේ වෙනස්වන ජාත්‍යන්තර තත්ත්වයේ පසුබිමක් යටතේය. චීනය සහ ඇමරිකාව අතර උපායමාර්ගික තරගකාරීත්වය උණුසුම් වන මේ කාලයේදී, එම ජනමත විමසීම් ප්‍රතිඵලය “ නියම වේලාවට ” නිකුත් කෙරිණ. එහි අරමුණ ඇමරිකාවේ ප්‍රතිරූපය අලංකාර කරන අතර චීනයේ ප්‍රතිරූපය අපකීර්තියට ලක් කිරීමය. එය ඇමරිකාවේ දේශපාලන අවශ්‍යතාව සපුරාලීමට දැරූ තවත් ප්‍රයත්නයකි.
ඉන් පෙනී යන්නේ Bloomberg ආයතනය සහ Pew පර්යේෂණ මධ්‍යස්ථානය ඇතුළු මාධ්‍ය සහ ආයතන, වෘත්තීය හා ස්වාධීන සළුවකින් සැරසී සිටියද ඒවා සැබවින්ම ඇමරිකාව දියත් කරන මහජන මතවාදී යුද්ධයේ කොටසක් බවයි. ඊනියා “ ඇමරිකානු පිළිවෙල ” පවත්වා ගෙන යාම සඳහා එම මාධ්‍ය සහ ආයතන හැකි සෑම ලෙසින්ම උපායන් යොදා ගෙන ඇත. නමුත්, ඔවුන්ගේ උත්සාහය ලෝකයට විහිළු නිර්මාණය කරන තරමට, සිය ප්‍රතිරූප විනාශ කර ගෙන ඇත.