හම්බන්තොට වරාය බහුකාර්ය වරායක් බවට පත් වෙයි
2021-07-19 13:27:12
Share with:

හම්බන්තොට වරාය බහුකාර්ය වරායක් බවට පත් වෙයි_fororder_汉班托塔港

ලබන වසර වන විට හම්බන්තොට වරාය පූර්ණ ක්‍රියාකාරී බහුකාර්ය වරායක් බවට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා රජය පවසයි. හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිමාවන්හි සමස්ත වර්ධනයක් සහ සේවා විවිධාංගීකරණයක් ඇති කර තිබේ.

හම්බන්තොට වරායේ සමස්ත භාණ්ඩ හැසිරවීමේ පරිමාව 2020 ජුනි මස අවසානය වන විට මෙට්‍රික් ටොන් 420,421 සිට මෙට්‍රික් ටොන් 1,206,425 දක්වා ඉහළ නංවා තිබේ. කොවිඩ් වසංගතය පැවතිය ද හම්බන්තොට ජාත්‍යන්තර වරාය සිය මෙහෙයුම් බාධාවකින් තොරව ඉදිරියට ගෙන ගිය අතර පළපුරුදු වරාය කළමනාකරණයේ ප්‍රථිපල මත එලෙස සිදුවූ බවත් ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට ලබා දුන් ඉහළ සේවාවන් සාර්ථක වූ බවත් ශ්‍රී ලංකා රජය පවසා තිබේ .

හම්බන්තොට වරාය සමූහය වෙළෙඳ නැව් සදහා ඉන්ධන තොග සැපයුම ක්‍රියාත්මක කරන්නේ , චීනයේ ප්‍රමුඛතම බලශක්ති සමාගමක් වන සිනොපෙක් සමාගමේ මෙරට නියෝජිත සමාගම වන සිනොපෙක් ලංකා සමාගම සහ දේශීය හවුල්කරුවෙකු සමග එක්වයි.

2020 ජුනි මාසයේදී මෙට්‍රික් ටොන් 239,827 ට සාපේක්ෂව 2021 ජුනි මස අවසානයේදී රෝරෝ පරිමාව මෙට්‍රික් ටොන් 413,005 ක් විය. අනුරූප කාලපරිච්ඡේදය තුළ තොග පරිමාවේ වැඩිවීම සැලකිය යුතු මට්ටමක පැවතුනි. එනම් 2020 දී මෙට්‍රික් ටොන් 1443 ට සාපේක්ෂව මෙට්‍රික් ටොන් 578,327 කි.

උසස් තත්ත්වයේ නිෂ්පාදන සහ ආරක්ෂිත සේවාවන් සැපයීම තුළින් හම්බන්තොට වරාය දකුණු ආසියාවේ ඉන්ධන සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීම මෙන්ම පූර්ණ ක්‍රියාකාරී බහුකාර්ය වරායක් බවට පත් කිරීම ශ්‍රී ලංකා රජයේ අපේක්ෂාවයි  .

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන