ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ ගෙල සිර කළ වර්ගවාදය
2021-07-19 19:47:26
Share with:

ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ ගෙල සිර කළ වර්ගවාදය_fororder_2d220796d7457719f4507f401a007a94

වසර 2017 ජනවාරි මස 27වනදා ඇමරිකානු රජය පරිපාලන නියෝගයක් නිකුත් කරමින් ඉරානය, ඉරාකය, ලිබියාව, සෝමාලියාව, සූඩානය, සිරියාව හා යේමනය යන රටවල් හතේ පුරවැසියන්ට ඇමරිකාවට ප්‍රවේශ වීම තහනම් කරන බව ප්‍රකාශ කළා. එම රටවල ජනගහනයෙන් බහුතරයක් මුස්ලිම් ජාතිකයින් නිසා එම පරිපාලන නියෝගය, ‘මුස්ලිම් තහනම් නියෝගයක්’ ලෙසත් හැඳින්වෙනවා. එය එරට ජනතාවගේත් ජගත් ප්‍රජාවේත් පුළුල් විරෝධතාවට ලක්වූ නියෝගයක්.

රටේ සරණාගතයින් පදිංචි කිරීමේ සැලැසුම්වලින් බොහෝමයක් අහෝසි කිරීම, රැකවරණය සේවීමට පැමිණෙන විදේශීය පුරවැසියන් පිළි නොගැනීම හා මුස්ලිම් ජාතිකයින් වැඩියෙන් සිටින රටවලට එරෙහි සංචාරක තහනම පැණවීම යනාදී ඇමරිකානු රජය විසින් සරණාගතයින්ට එරෙහි පැණවූ විධිවිධාන, දැඩි විවේචනයකට ලක් වුණා.

ඇත්තටම සුදු ජාතික ප්‍රමුඛත්ව අන්තවාදය, ඇමරිකාවේ ජන වාර්ගික ගැටුම්වල ප්‍රධානම හේතුව බවට පත්ව තිබෙනවා. වෙඩි තැබීම් ඇතුළු බොහෝ ප්‍රචණ්ඩ සිද්ධි පසුපස  සුදු ජාතික ප්‍රමුඛත්ව අන්තවාදී සංකල්පයේ සෙවනැලි දකින්න පුළුවන්.

ඇමරිකානු එෆ්.බී.අයි. ආයතනය සියළුම ත්‍රස්තවාදීන්ට එක හා සමාන ‍ලෙස  නොසැලකූ බව එෆ්.බී.අයි. ආයතනයේ හිටපු ඔත්තු සේවක, දැනට නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ බ්‍රෙන්නන් අධිකරණ පර්යේෂණ මධ්‍යස්ථානයේ සේවය කරන මයිකල් ජෙර්මන් මහතා හෙළි කළා. එෆ්.බී.අයි.හි ඔත්තු සේවකයින් මුස්ලිම් ජාතිකයින්ට වැඩි අවධානයක් යොමු කරන අතර සුදු ජාතික ප්‍රමුඛත්ව අන්තවාදයෙන් ඇති විය හැකි මාරාන්තිත තර්ජන නොසලකා හරිනු ලැබ තිබෙනවා. එහෙත් සුදු ජාතික ප්‍රමුඛත්ව අන්තවාදීන් හා අන්ත දක්ෂිණාංශික සංවිධාන විසින් ඝාතනය කරන ලද පිරිස අති විශාල පිරිසක් යැයි ඔහු පවසා තිබෙනවා.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන