"චීන සැලැස්ම" ආසියා-පැසිෆික් කලාපයේ වසංගත-විරෝධී සටනට හා ආර්ථික පුනර්ජීවනයට විශ්වාසය සපයයි
2021-07-17 18:59:24
Share with:

"චීන සැලැස්ම" ආසියා-පැසිෆික් කලාපයේ වසංගත-විරෝධී සටනට හා ආර්ථික පුනර්ජීවනයට විශ්වාසය සපයයි_fororder_锐评

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(16) එපෙක් සංවිධානයේ නිල නොවන නායක සමුළුවට වීඩියෝ ආධාරයෙන් එක් විය.

වසංගත විරෝධී ආසියා-පැසිෆික් සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සහ ආර්ථික පුනර්ජීවනය පිළිබඳව, හෙතෙම එහිදී යෝජනා 4ක් ඉදිරිපත් කර තිබේ.

බ්‍රසීලයේ චීන අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාඥ Ronnie Lins මහතා පෙන්වා දුන්නේ, ෂී ජින් පිං මහතාගේ දේශනය මගින්, ජාත්‍යන්තර ප්‍රජාවට වසංගතයට එරෙහි සටනට සහයෝගය දැක්වීම සහ ආර්ථික පුනර්ජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා ශක්‍ය සැලැස්මක් සපයා ඇති බවයි.

වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවට චීනයේ සභය ලබා දීමේ ස්ථාවරය සහ ඊට අදාළ පියවර, ෂී ජින් පිං මහතා මෙම නායක සමුළුවේදී නැවතත් අවධාරණය කළේ ය. ඉදිරි වසර 3 තුළ සංවර්ධනය වෙමින් පවතින රටවලට ඇ.ඩො. බිලියන 3ක ජාත්‍යන්තර ආධාර ලබා දීම  ද ඊට ඇතුලත් ය.

එපමණක් නොව, එන්නත් සැපයුම් දාමයේ ස්ථායිතාව හා ආරක්ෂාව සහතික කිරීම සහ ප්‍රධාන ද්‍රව්‍ය සංසරණය ප්‍රවර්ධනය කිරීම යන සහයෝගිතා මුලපිරීම්වලට මෙන්ම, "වසංගතයට මුහුණ දීම හා ආර්ථික පුනර්ජීවනය" යන උප අරමුදලක් පිහිටුවීම සඳහා ද එපෙක් සංවිධානයට අරමුදල් පරිත්‍යාග කිරීමට, සක්‍රීය ව සහභාගි වීමට චීනය කැමැත්තෙන් සිටී. 

ආසියා-පැසිෆික් කලාපය හැකි ඉක්මනින් වසංගතයෙන් මිදී සංවර්ධන මාවතට ආපසු යාම ප්‍රවර්ධනය කිරීම සඳහා, "කලාපීය ආර්ථික ඒකාබද්ධතාවය ගැඹුරු කිරීම", "ඉවසිලිවන්ත තිරසර සංවර්ධනයක් අඛණ්ඩව පවත්වා ගෙන යාම", "විද්‍යා හා තාක්ෂණික නවෝත්පාදන අවස්ථාව ප්‍රයෝජනයට ගැනීම" යන ප්‍රධාන අදහස්, ෂී ජින් පිං මහතා ඉදිරිපත් කර තිබේ.

මෙය චීනය කලාපීය ආර්ථික ඒකාබද්ධතාවයට සහ ආර්ථික ගෝලීයකරණයට  දක්වන නිරන්තර සහයෝගය පිළිබිඹු වීමක් වන අතර, එය ලෝක ආර්ථික පුනර්ජීවනයට නව අදහස් සපයා තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන