චීන තායිවාන ප්‍රශ්නය මත ඇමරිකාව ප්‍රකෝපකාරී ක්‍රියා සිදු කිරීමෙන් අනිවාර්යෙන්ම ඔවුන්ට හානි සිදු වෙයි.
2021-07-16 18:48:26
Share with:

චීන තායිවාන ප්‍රශ්නය මත ඇමරිකාව ප්‍රකෝපකාරී ක්‍රියා සිදු කිරීමෙන් අනිවාර්යෙන්ම ඔවුන්ට හානි සිදු වෙයි._fororder_d1a20cf431adcbef30212f6b5527fed5a2cc9fd3

ඇමරිකානු හමුදාවේ ප්‍රවාහන යානාවක් ඊයේ(15) චීන තයිවානයට ගොඩ බැස ඇත. ඇමරිකානු ජාතික ආරක්ෂක කමිටුවේ ඉන්දු-පැසිෆික් කලාපයේ කටයුතු පිළිබඳ නිලධාරි Kurt Campbell පසුගිය 6 වැනිදා ඇමරිකානු බුද්ධි මණ්ඩලයේ ආසියානු සංගමයේ මාර්ගගත සංවාදයට එක් වෙමින් චීන තයිවාන ස්වාධීනත්වයට අනුබල නොදෙන බව පැහැදිලිව ප්‍රකාශ කළේය. එය, චීන තයිවානය පිළිබඳ වත්මන් ඇමරිකානු රජය ගත් ප්‍රතිපත්තිය තාර්කික භාවයට පත් වීමේ අනාවැකියක් බව එවිට බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය විශ්වාස ක‍ළේය. එහෙත් දින 10කට පසු ඇමරිකානු හමුදා ප්‍රවාහන යානාව තයිවානයට ළඟා වී විවෘතව හමුදා සම්බන්ධතා පැවැත්වීය.

ඇමරිකාව තම ප්‍රකාශයන්ට පටහැනි ලෙස ක්‍රියා කිරීම මගින් උපාය මාර්ගික වංචා කිරීමේ සැබෑ අරමුණ හා චීන තයිවානය ප්‍රයෝජනයට ගෙන චීනය මර්දනය කිරීමේ වෑයම් සම්පූර්ණයෙන්ම හෙළි වේ. එමෙන්ම ඇමරිකාවට බලවත් රටක කීර්තියක් කිසිසේත් නොමැති බව දක්නට ලැබේ. තම ප්‍රකාශයන්ට වෙනස් ලෙස ක්‍රියා කිරීම ගැන මුළු ලෝකය ඇමරිකාව අවමන් කරයි.

චීන තයිවාන ප්‍රශ්නය චීනයේ කේන්ද්‍රීය ප්‍රතිලාභයට ලක් වෙයි. එමෙන්ම එය චීන ඇමරිකා සබඳතාවේ සංවේදී ම ප්‍රශ්නය ය. චීන තයිවානය, චීන දේශභූමියේ වෙන් කළ නොහැකි කොටසකි. එය ජගත් ප්‍රජාව පොදුවේ පිළිගෙන ඇත. චීනය බෙදීමේ කිසිදු කුමන්ත්‍රණයක් කිසි විටෙකත් සාර්ථක විය නොහැකි ය. චීනය කිසි විටෙක සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවේ. සෙසු රටවල් සිය අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට ද චීනය අවස්ථාව ලබා නොදෙනු ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන