ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තය ලබා ගෙන ඇති මානව හිමිකම් ප්‍රතිඵල, බටහිර බලවේග විසින් ගොතන ලද විශාල බොරු යළි හෙළිදරව් කරයි
2021-07-16 12:24:38
Share with:

ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තය ලබා ගෙන ඇති මානව හිමිකම් ප්‍රතිඵල, බටහිර බලවේග විසින් ගොතන ලද විශාල බොරු යළි හෙළිදරව් කරයි_fororder_QQ图片20210716122134

චීන රජය පසුගිය 14වැනිදා ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ විවිධ ජාතීන්ගේ සමාන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ධවල පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කළේය. චීන පාලක පක්ෂය සහ රජය “ජනතාව කේන්ද්‍ර කරගැනීම”යන මානව හිමිකම් සංකල්පය පිළිපැදීම නිසා ෂින්ජ්‍යංහි මානව හිමිකම් ව්‍යායාමය ඓතිහාසික ප්‍රගතියක් ලබා ඇතැයි දැකිය හැකිය. චීන-විරෝධී බටහිර බලවේග විසින් සම්පාදනය කරන ලද විශාල ප්‍රමාණයේ බොරු එමගින් යළිත් වරක් හෙළිදරව් වී තිබේ.

ධවල පත්‍රිකාවට අනුව, නව චීනය පිහිටුවීමෙන් පසු, ජාතික සමානාත්මතාවය, ජාතික සමගිය සහ විවිධ ජාතීන්ගේ පොදු සමෘද්ධිය සහ සංවර්ධනය, ජාතික ගැටලු විසඳීමේ සහ ජාතික සබඳතා හැසිරවීමේ මූලික මූලධර්ම වේ.

2016 වසරේ අවසානයේ සිට ෂින්ජ්‍යං හි අඛණ්ඩව වසර හතරකට වැඩි කාලයක් තිස්සේ දරුණු ත්‍රස්තවාදී සිද්ධීන් වාර්තා නොවූ අතර ආර්ථිකය, සමාජය සහ ජනතාවගේ ජීවනෝපාය වේගවත් සංවර්ධනයක පවතී.  2020 වසර අවසන් වන විට, වර්තමාන ප්‍රමිතීන් යටතේ ෂින්ජ්‍යං හි මිලියන 2.73 ග්‍රාමීය දුප්පතුන් සමස්ත ලෙස දරිද්‍රතාවයෙන් මුදවා ඇත. ගෙවී ගිය වසර 40 තුළ, ෂින්ජ්‍යං හි උයිගුර් ජාතියේ ජනගහනය මිලියන 5.5 සිට මිලියන 12.8 දක්වා ඉහළ ගොස් ඇති අතර සාමාන්‍ය උපරිම ආයුෂ අවුරුදු 30 සිට 72 දක්වා ඉහළ ගොස් තිබේ.

ප්‍රංශ ශාස්ත්‍රඥයෙකු වන විවාස් මහතා “උයිගුර් ජාතිය පිළිබඳ ව්‍යාජ ප්‍රවෘත්තිවල අවසානය”නම් පොතේ ෂින්ජ්‍යංහි තමන්ගේ ම අත්දැකීම් මගින් බටහිර මාධ්‍ය විසින් ගොතන ලද ෂින්ජ්‍යං හා සම්බන්ධ බොරු මීට පෙර හෙළි කර තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන