පරිභෝජනය, ආ‍‍යෝජනය සහ විදේශ වෙ‍ළඳාම යන ක්ෂේත්‍ර චීන ආර්ථිකයේ ස්ථාවර වර්ධනයට මග පාදයි
2021-07-15 20:59:47
Share with:

චීන රාජ්‍ය සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2021 වසරේ මුල් මාස 6යේ ජාතික ආර්ථික දත්ත අද (15) නිකුත් කර තිබේ. එම දත්ත අනුව එම කාලයේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය 12.7%කින් වර්ධනය වී ඇත. පරිභෝජනය, ආ‍‍යෝජනය සහ විදේශ වෙ‍ළඳාම චීන ආර්ථිකයේ ස්ථාවර වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපෑ ක්ෂේත්‍ර තුන බව එම දත්තවලින් පෙන්නුම් කෙරේ.

මේ වසරේ මුල් මාස හයේදී දේශීය පරිභෝජනය චීන ආර්ථික වර්ධනය වෙනුවෙන් 61.7%ක දායකත්වයක් ලබා දී ඇත. ආනයනය හා අපනයනය ද එම කාලය තුළ සීග්‍රයෙන් වර්ධනය වී තිබේ. ගෙවී ගිය මාස හය තුළ චීනයේ ආනයනය හා අපනයනය 27.1%කින් වර්ධනය වී ඇත. එය 2019 වසරේ පැවති තත්ත්වයට වඩා 22.8%ක වර්ධනයකි. ආ‍යෝජන ක්ෂේත්‍රයේ ද වර්ධනයක් දක්නට ලැබේ. විදේශ ආ‍‍‍යෝජකයන්ට චීන වෙ‍ළඳපොල පිළිබඳ ඇත්තේ සර්ව සුබවාදී ආකල්පයකි. චීන වාණිජ අමාත්‍යාංශය ඊයේ (14) නිකුත් කළ සංඛ්‍යාලේඛන අනුව මේ වසරේ මුල් මාස හයේ මූල්‍ය නොවන ක්ෂේත්‍රවල විදේශ ආයෝජනය 28.7%කින් වැඩි වී ඇති අතර එය 2019 වසරේ සමාන කාලයට වඩා 27.1%කින් වර්ධනය වී තිබේ.

චීන රාජ්‍ය සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අද නිකුත් කළ මෙම දත්තවලින් කරුණු කිහිපයක් පිළිබිඹු වේ. චීන ජනතාව පෙරට වඩා පරිභෝජනය කිරීමට උනන්දුවක් දක්වති. චීන වෙළඳ ‍භාණ්ඩ කෙරෙහි විදේශ රටවල ඇති ඉල්ලුම, කොරොනා වසංගතය මතු වීමට පෙර තිබූ තත්ත්වයට පත් වෙමින් පවතී. ගෝලීය ආ‍‍යෝජකයන්ට චීන වෙළඳපොල පිළිබඳ ආ‍‍යෝජන උද්‍යෝගය දිනෙන් දින ඉහළ යමින් තිබේ. මෑතදී ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙන් වෙන් ව චීන ආර්ථික වර්ධනය පිළිබඳ අපේක්ෂාව ඉහළ දමා ඇත. චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනය සලකා බලා මෙවන් වෙනසක් ඇති කිරීම පිළිබඳව අපට ඇත්තේ පුදුමයක් නොවේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන