"ඇමරිකාව පළමු ස්ථානයේ " යන වංචනික ශ්‍රේණිගත කිරීම මගින් Bloomberg News හි විශ්වසනීයත්වයට කැළලක්
2021-07-14 20:52:17
Share with:

"ඇමරිකාව පළමු ස්ථානයේ " යන වංචනික ශ්‍රේණිගත කිරීම මගින්  Bloomberg News හි විශ්වසනීයත්වයට කැළලක්_fororder_ruip

ඇමරිකානු Bloomberg News ආයතනය මෑතකදී නිර්මාණය කළ නවතම "ගෝලීය වසංගතයට විරෝධි ශ්‍රේණිගත කිරීම" ට අනුව, ඇමරිකාව ගෝලීය වසංගත විරෝධී ක්‍රියාකාරිත්වයේ “හොඳම” රට ලෙස ශ්‍රේණිගත කර ඇත.

ඇමරිකාව "ලැයිස්තුවේ ඉහළින්ම" තබා ගැනීම සඳහා, Bloomberg News සියලු ක්‍රම භාවිතා කරමින් ලකුණු දීමේ නීති වෙනස් කර තිබේ.  

උදාහරණයක් ලෙස ගත් විට, ශ්‍රේණිගත කිරීමේදී වඩාත් වැදගත් සාධක වන තහවුරු වූ රෝගීන් සහ මරණ සංඛ්‍යා සඳහා වන ලකුණු, සැලකිය යුතු ලෙස අඩු කර තිබේ. අවහිර බලාත්මක කිරීම සහ ඇතුල්වීම හා පිටවීම පිළිබඳ වසංගත වැළැක්වීමේ කළමනාකරණ ප්‍රතිපත්ති, සෘණ සාධක ලෙස ලකුණු කර ඇත.

මෙවර Bloomberg News හි මෙම තේරුම්ගත නොහැකි හැසිරීම මගින්, එහි දේශපාලන මෙවලම්වල ස්වභාවය හෙළි කෙරිණ. එනම් ඩිමොක්‍රටික් රජයට අනුග්‍රහය දක්වන අතර, එහි ඊනියා වසංගත විරෝධී “ජයග්‍රහණ” ප්‍රචාරය කිරීමයි.

එහෙත් කෙතරම් අසත්‍ය තොරතුරු නිර්මාණය කළද, ඇමරිකාව වසංගතයට එරෙහිව සටන් කිරීමට අපොහොසත් වී ඇති බව සැඟවිය නොහැකි ය.

වසංගතය මතු වීමෙන් පසු, නව කොරොනා හේතුවෙන් ඇමරිකාවේ ලක්ෂ 6කට වැඩි පිරිසකට ජීවිත අහිමි වී තිබේ. ඇමරිකාවේ මරණ සංඛ්‍යාව ගෝලීය වශයෙන් ඉහළ ම ස්ථානයේ පවතී.

Bloomberg News හි මෙම ලැයිස්තුව, නිසැකවම විහිළුවක් ලෙස සලකනු ලැබීම හැර, වෙනත් කිසිදු විද්‍යාත්මක වටිනාකමක් මෙහි නොමැත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන