ගෝලීය කොරොනා වසංගත පාලනය වෙනුවෙන් චීනයෙන් වඩාත් ඉහළ කාර්යභාරයක්
2021-07-14 20:21:20
Share with:

Sinopharm එන්නත නිෂ්පාදනය කරන චීන Sinopharm සමාගම සහ Sinovac එන්නත නිෂ්පාදනය කරන බෙයිජිං Kexing ජීව විද්‍යා තාක්ෂණ සමාගම වෙන් වෙන් ව COVAX සැලැස්ම යටතේ සහ‍යෝගිතා ගිවිසුම් අත්සන් කර ඇතැයි පසුගිය දා ගෝලීය එන්නත් හා ප්‍රතිශක්තිකරණ සන්ධානය ප්‍රකාශ කර තිබේ. එම සහයෝගිතා ගිවිසුම් අනුව මේ මාසයේ සිට එම චීන සමාගම් දෙක COVAX සැලැස්මට එන්නත් සපයනු ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල කොරොනා මර්දන අවශ්‍යතාවන් සපුරාලීම එහි අරමුණ වී තිබේ.

මේ වන විට රටවල් 100කට වැඩි සංඛ්‍යාවක් චීන එන්නත් සඳහා අනුමැතිය ලබාදී ඇති අතර රටවල් 30ක පමණ රාජ්‍ය නායකයන් චීන එන්නත් ලබාගෙන ඇත. චීන එන්නත්වල ආරක්ෂාව හා ඵලදායීතාව පිළිබඳව ලොව පුරා විවිධ වාර්තා පවතී. බ්‍රසීලයේ Selana උපනගරයේ වැසියන් Sinovac එන්නත ලබා ගැනීමෙන් පසු අලුතෙන් වාර්තා වූ කොරොනා මරණ සංඛ්‍යාව 95%කින් ද රෝහල්ගත වූ ආසාදිතයන් සංඛ්‍යාව 86%කින් ද පහත වැටුණු බව Wall Street Journal පුවත්පත වාර්තා කර තිබේ. පසුගිය දා ප්‍රකට වෛද්‍ය සඟරාවක් වන  “The Lancet" සඟරාව තුර්කියේ Sinovac එන්නත පිළිබඳ 3වන අදියර සායනික අත්හදා බැලීමේ අතුරු දත්ත අන්තර්ජාලයෙන් නිකුත් කර ඇත. එම දත්ත අනුව Sinovac එන්නත් මාත්‍රා 2ක් ලබාගෙන දින 14ක් ගත වීමෙන් පසු ආසාදන වැළැක්වීමේ අනුපාතය 83.5%ක් ලෙස ද කොරොනාව හා සම්බන්ධ වන රෝහල්ගත වීම වැළැක්වීමේ අනුපාතය 100% ලෙස ද පවතී.

චීනයේ එන්නත් නිෂ්පාදන සමාගම් දෙක සමග සහයෝගිතා ගිවිසුම් අත්සන් කිරීම, දැනට සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දී සිටින එන්නත් හිඟය සමනය කිරීමටත් එන්නත් වඩාත් නිසියාකාරයෙන් බෙදා දීමටත් ඉවහල් වන බව ගෝලීය එන්නත් හා ප්‍රතිශක්තිකරණ සන්ධානය පවසා ඇත. තවත් චීන එන්නත් නිෂ්පාදන සමාගම් COVAX සැලැස්මට එක් වීමට කැමැත්ත පළ කර තිබේ. ඉදිරියේදී චීනය ගෝලීය කොරොනා වසංගත පාලනය වෙනුවෙන් වඩාත් වැඩි කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි විශ්වාස කෙරේ.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන