චීනයේ ආනයන හා අපනයන වර්ධනයන්ට බලපෑ හේතු
2021-07-14 10:12:51
Share with:

චීන ජාතික රේගු දෙපාර්තමේන්තුව විසින් ඊයේ (13) නිකුත් කරන ලද නව දත්තවලට අනුව, මේ වසරේ මුල් භාගය තුළ , චීනයේ සමස්ත ආනයන හා අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 18.07 කි. එය පසුගිය වසරේ අදාළ කාල සීමාවට වඩා සියයට 27.1 ක වර්ධනයකි. නව කොරොනා වසංගතය මතු වීමට පෙර හෙවත් 2019 වසර හා සැසඳීමේදීත් එය සියයට 22.8ක වැඩි වීමකි. චීනය වසංගත මර්දන කටයුතු හා ආර්ථීක සමාජීය වර්ධනය සම්බන්ධීකරණයෙන් මෙහෙයවීමේ ජයග්‍රහණ එම දත්ත වලින් අඛණ්ඩව තහවුරු වී තිබේ. එය මුළු වසරේ සමස්ත විදේශ වෙළඳ වටිනාකම හා ගුණාත්මකභාවය ස්ථිර ලෙස වර්ධනය වීම සඳහා යහපත් පදනමක් ලබා දී ඇතැයි විශ්වාස කෙරේ.

එම ජයග්‍රහණයට විවිධ හේතු පවතී. පළමුව චීන ආර්ථීකයේ මූලික සමස්තය ස්ථිර හා යහපත් ලෙස වර්ධනය වීම, විදේශ වෙළඳාමේ ස්ථිර සංවර්ධනයට ශක්තිමත් රුකුලක් විය. දෙවැන්න, එන්නත්කරණය ලෝපුරා ව්‍යාප්ත කිරීමත් සමඟ ලෝක ආර්ථීකය අඛණ්ඩව පුනරුත්ථාපනය වෙමින් පවතී. බාහිර අවශ්‍යතාවන් වැඩි වීම හේතුවෙන් චීන විදේශ වෙළඳාම අඛණ්ඩව වර්ධනය වේ.

චීන විදේශ වෙළඳාම පුනරුත්ථාපනය ලෝකයට ද ඉවහල් වේ.ලෝක සැපයුම් දාමයට ශක්තිය අඛණ්ඩව ලබා දෙමින් චීන අපනයන ව්‍යවසායන් ගෝලීය වසංගත මර්දන මෙහෙයුම්වලට වැදගත් කාර්යභාරයන් ඉටු කර ඇත.ඊයේ නිකුත් කෙරුණු දත්ත වලට අනුව, මේ වසරේ මුල් භාගය තුළ, චීනය රටවල් හා ප්‍රදේශ 112කට එන්නත් හා එන්නත් නිෂ්පාදන ද්‍රව්‍ය මාත්‍රා මිලියන 500කට වැඩි ප්‍රමාණයක් අපනයනය කර ඇත. එය ලෝකයේ සමස්ත එන්නත් නිෂ්පාදන ප්‍රමාණයෙන් හයෙන් එකකි. ලෝක වසංගත මර්දනය හා ආර්ථීක පුනරුත්ථාපනය සඳහා චීනය ලබා දුන් ප්‍රායෝගික දායකත්වය මෙය බව නිසැකය.    

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන