වසංගත පාලනයෙන් ලොව අසාර්ථක ම රට වන ඇමරිකාව, කීර්ති නාමයක් ලැබුවේ කෙසේ ද ?
2021-07-13 20:02:42
Share with:

මේ වන විට ඇමරිකාවේ කොරොනා ආසාදන ප්‍රමාණය මිලියන 33.88ක් වන අතර කොරොනාවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 6 ලක්ෂ 7 දහසක් බව ඊයේ (12) ඇමරිකාව නිකුත් කළ කොරොනා වසංගත දත්තවලින් හෙළි විය. ‍ඒත් Bloomberg පුවත් සේවය නිකුත් කළ ගෝලීය කොරොනා වසංගත පාලනය‍ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසු වන්නේ ඇමරිකාව ය. ‍ වසංගත පාලනයෙන් ලෝකයේ අසාර්ථක ම රට වන ඇමරිකාව මෙවන් කීර්ති නාමයක් ලැබුවේ කෙසේ ද ?

එම ලැයිස්තුව සඳහා Bloomberg පුවත් සේවය සකස් කළ ඇගයීමේ ප්‍රමිතීන් අපගේ අවධානයට ලක් වේ. කොරොනා ආසාදන සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව වැනි තීරණාත්මක සාධක Bloomberg පුවත් සේවය ඉස්මතු කර නැත. හුදකලා කිරීම සහ ආගමන විගමන නිරෝධායනය එම පුවත් සේවය විසින් සෘණාත්මක සාධක වශයෙන් සලකනු ලැබ තිබේ. ගෝලීය වසංගත මර්දනය වෙනුවෙන් ලබා දුන් දායකත්වය එම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුව සකස් කිරීමේදී සැලකිල්ලට ගෙන නොමැත. මෙලෙසින් ගෝලීය කොරොනා වසංගත පාලනය‍ පිළිබඳව ශ්‍රේණිගත කිරීම කිසිදු සාධාරණත්වයක් හා විද්‍යාත්මක වටිනාකමක්  නැතැයි පෙන්වා දිය යුතු ය.

Bloomberg පුවත් සේවයේ ප්‍රධානියා ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකයෙකි. දැනට ධවල මන්දිරයේ බලය ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂ කඳවුරේ ය. මෙම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුව නිකුත් කරනු ලැබුවේ ඇමරිකාවේ නිදහස් දිනයට පෙරාතුව ය. මෙය ධවල මන්දිරය සිය රාජ්‍ය පාලන ජයග්‍රහණ හුවා දැක්වීමටත් මීට පෙර තිබූ අසාර්ථක  කොරොනා පාලනය මකා දැමීමටත් උපකාර වන බව ප්‍රංශ ජාත්‍යන්තර ගුවන් විදුලි සේවය විචාර මතය පළ කරමින් පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන