චීන හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රවෘත්ති නිදහසට ඊනියා ගුරුවරුන් හා කුහක පුද්ගලයන් අවශ්‍ය නොමැත
2021-07-12 18:53:32
Share with:

චීන හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රවෘත්ති නිදහසට ඊනියා ගුරුවරුන් හා කුහක පුද්ගලයන් අවශ්‍ය නොමැත_fororder_8571593824083201352

ඇමරිකා රාජ්‍ය මණ්ඩලය පසුගිය 10 වනදා මාධ්‍ය නිදහස් ලීගය මුවාවෙන් නිවේදනයක් පළ කළේය. එම නිවේදනයට අනුව ඇමරිකා රාජ්‍ය මණ්ඩලය Apple Daily නමැති පුවත්පත ප්‍රකාශනය නතර වීම වෙත අවධානය යොමු කරමින් චීන හොංකොං විශේෂ පරිපාලන කලාපයේ රජය කථා කිරීමේ නිදහස මර්දනය කරන බවට චෝදනා කළේය. ඇමරිකාව හා ඇතැම් බටහිර රටවල් එම නිවේදනයට අත්සන් තබා ඇත. ඇමරිකාව හා ඇතැම් බටහිර රටවල් ප්‍රවෘත්ති නිදහස මුවාවෙන් හොංකොංහි කටයුතු වලට මැදිහත් වීමට වෑයම් කිරීමේ යළි දේශපාලන හාස්‍යයක් බවට එයට පත් වන බව පැහැදිලිව දක්නට ලැබිය හැකි ය.

Apple Daily ප්‍රශ්නය ප්‍රවෘත්ති නිදහස හා කිසිදු සබඳතාවක් නොමැත. එය හොංකොං ජාතික ආරක්ෂක නීතිය උල්ලංඝනය කිරීම හා සම්බන්ධ කරුණකි. එම පුවත්පත මාධ්‍ය මුවාවෙන් චීනයට එරෙහිව මෙන්ම හොංකොං අවුල් කිරීමට නීතිවිරෝධි ක්‍රියාකාරකම් වල නිරත වී ඇත. එමෙන්ම Apple Daily ප්‍රකාශනය නතර වීම ඒ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයකි. එය බලහත්කාරයෙන් Apple Daily ප්‍රකාශනය නතර කිරීමක් නොවේ.

ප්‍රවෘත්ති නිදහස, නීතිවිරෝධි ක්‍රියාවේ පලිහක් නොවේ. ලෝකයේ කිසිදු රටක් Apple Daily සේ සිය රටේ ආරක්ෂාවට හානි සිදු වන මාධ්‍ය වලට සීමා රහිතව ක්‍රියා කිරීමට අවස්ථා ලබා නොදීම පැහැදිලි සත්‍යයකි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන