ඇමරිකාව දිගින් දිගටම සම්බාධක පැනවීම ගැන කිසිවෙකුට බිය විය නොහැක
2021-07-09 14:06:09
Share with:

හොංකොං හි තත්වයට ප්‍රතිචාර වශයෙන් ඇමරිකාව විසින් ප්‍රකාශයට පත් කරන ලද ඊනියා ජාතික හදිසි අවස්ථාව දීර්ඝ කරමින්, හොංකොං සම්බන්ධ සම්බාධක අඛණ්ඩව පනවනු ඇතැයි ධවල මන්දිරය ඊයේ (7) නිවේදනය කළේය.

මෙම තීරණයට ප්‍රධාන හේතුව වන්නේ චීනයේ හොංකොං සම්බන්ධ ක්‍රියාමාර්ග ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට, විදේශ ප්‍රතිපත්තියට සහ ආර්ථික ප්‍රතිලාභ වලට දිගින් දිගටම තර්ජනයක් වීමයි. මෙය සත්‍යය විකෘති කිරීමකි. හොංකොං යනු චීනයේ ප්‍රාදේශීය පරිපාලන කලාපයකි. චීන මධ්‍යම රජය හොංකොං හි පුළුල් පාලනයක් ක්‍රියාත්මක කිරීම සම්පූර්ණයෙන් ම චීනයේ අභ්‍යන්තර කටයුතු වේ. ඇමරිකාවට ඊට සම්බන්ධ වන්නේ කුමක් සඳහා ද? ඇමරිකාවේ ආරක්ෂාවට ඇති තර්ජන මොනවා ද? ඇත්ත වශයෙන්ම, තර්ජන සම්බන්ධයෙන් සඳහන් කළහොත්, ජනතාව දකින දෙය නම් ඇමරිකාව දිගු කලක් තිස්සේ හොංකොං හි චීන විරෝධී ව්‍යාකූලත්වයට සහයෝගය හා දිරිගැන්වීම ලබා දී ඇති අතර, චීනය අපකීර්තියට පත් කිරීමට උත්සාහ කරමින් සිටින බවයි. මෙය චීනයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන ප්‍රතිලාභ වලට බරපතල තර්ජනයකි.

පසුගිය වසර තුළ චීන මධ්‍යම රජය විසින් හොංකොං ජාතික ආරක්ෂක නීතිය ක්‍රියාත්මක කර හොංකොං මැතිවරණ ක්‍රමය වැඩිදියුණු කර ඇති අතර, එමගින් හොංකොං හි සමාජ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කර ඇති අතර, හොංකොං හි නව වාතාවරණයක් පෙන්නුම් කර තිබේ. පසුගිය වසර පුරා, හොංකොං හි ජාතික ආරක්ෂක නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන්, එහි ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ හැකියාව අඛණ්ඩව ඉහළ ගොස ඇත. මෙම වසරේ මුල් කාර්තුවේ දී හොංකොං හි දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසරට වඩා 7.9% කින් ඉහළ ගොස් තිබේ. ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස හොංකොං හි තත්වය යළිත් තහවුරු කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට දින කිහිපයකට පෙර වාර්තාවක් නිකුත් කළේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන