හොංකොංහි ජාතික ආරක්ෂක නීතිය එහි අයිතිවාසිකම් හා පුරවැසියන්ගේ සුභ සෙත ආරක්ෂා කිරීම සඳහා ස්ථාවර කාර්යභාරයක් ඉටු කරයි
2021-07-09 14:02:47
Share with:

හොංකොංහි ජාතික ආරක්ෂක නීතිය එහි අයිතිවාසිකම් හා පුරවැසියන්ගේ සුභ සෙත ආරක්ෂා කිරීම සඳහා ස්ථාවර කාර්යභාරයක් ඉටු කරයි_fororder_src=http___dpic.tiankong.com_0l_ma_QJ8550166096&refer=http___dpic.tiankong

ඇතැම් චීන විරෝධී බටහිර බලවේගවලට අඛණ්ඩව පහර දී චීනය අපකීර්තියට පත් කළ නමුත් හොංකොං හි ජාතික ආරක්ෂක නීතිය ක්‍රියාත්මක කිරීමෙන් ලබා ගෙන ඇති ප්‍රතිඵලවලින් සනාථ වී ඇත්තේ, එම නීතිය හොංකොං හි අයිතිවාසිකම් හා පුරවැසියන්ගේ සුභ සෙත ආරක්ෂා කිරීම සඳහා ස්ථාවර කාර්යභාරයක් ඉටු කර තිබෙන බවයි. හොංකොං විශේෂ පරිපාලන කලාපීය රජය “ජාතික ආරක්ෂාව සහ පවුලේ යහපත”යන තේමාව යටතේ පසුගියදා හොංකොං ජාතික ආරක්ෂක නීති සංසදයක් පැවැත්වීය. මෙමගින් බාහිර ලෝකයට එම නීතියේ ප්‍රතිලාභ තවදුරටත් අවබෝධ කර ගත හැකිය.

පළමුවෙන්ම, එම නීතියට ජනතාවගේ හදවත් සන්සුන් කළ හැකිය. හොංකොං ජාතික ආරක්ෂක නීතිය මගින් හොංකොං හි චීන විරෝධී හා හොංකොං අවුල් කිරීමේ කණ්ඩායම් සහ බාහිර ඇඟිලි ගැසීමේ බලවේගයන් ඉලක්ක කරන අතර එය බහුතර හොංකොං පුරවැසියන්ගේ අයිතිවාසිකම් හා අවශ්‍යතා ආරක්ෂා කරයි. එම නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු වසරක් තුළ හොංකොංහි පටිපාටිය ස්ථාවර තත්වයක පවතින අතර එහි වැසියන්ගේ හදවත් සන්සුන් වී ඇත.

දෙවනුව, එම නීතිය හොංකොං ස්ථාවර කර තිබේ. එම නීතියේ ආරක්ෂාව යටතේ ජාත්‍යන්තර මූල්‍ය, නෞකා ප්‍රවාහන හා වෙළඳ මධ්‍යස්ථානයක් වශයෙන් හොංකොංහි ස්ථාවරය තහවුරු හා ශක්තිමත් වී ඇත.

තුන්වෙනුව, නීතිය අනාගත වර්ධනයට ස්ථාවර පරිසරයයක් ලබා දෙයි. මේ වසරේ සිට චීනය 14වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කර තිබෙන අතර එය හොංකොංහි සංවර්ධනයට නව අවස්ථා ලබා දෙනු ඇත. එම නීතිය ක්‍රියාත්මක කිරීමෙන් හොංකොංහි අනාගත වර්ධනයට ස්ථාවර පරිසරයක් නිර්මාණය කරනු ඇතැයි නිසැකය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන