දේශපාලන පක්ෂ ජනතාව වෙනුවෙන් සතුට සෙවිය යුතු අතර මිනිස් සංහතියේ දියුණුව වෙනුවෙන් ක්‍රියා කළ යුතුය
2021-07-07 18:38:00
Share with:

දේශපාලන පක්ෂ ජනතාව වෙනුවෙන් සතුට සෙවිය යුතු අතර මිනිස් සංහතියේ දියුණුව වෙනුවෙන් ක්‍රියා කළ යුතුය_fororder_QQ图片20210707183651

"මානව ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීමේ වැදගත් බලවේගයක් ලෙස දේශපාලන පක්ෂ නිවැරදි දිශාවට නැංගුරම් ලා ජනතාවට සතුට හා මානව වර්ගයාගේ ප්‍රගතිය සෙවීමේ ඓතිහාසික වගකීම දැරිය යුතුය." මෙය චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ ලෝක දේශපාලන නායකයින්ගේ සමුළුවේදී ඊයේ(6) වීඩියෝ ආකාරයෙන් ප්‍රධාන දේශනයක් පැවැත්වූ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් හා ජනාධිපති ෂී ජින් පිං විසින් කරන ලද වැදගත් නිගමනයකි.

රටේ දේශපාලන ජීවිතය තුළ දේශපාලන පක්ෂ වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර මානව ශිෂ්ඨාචාරයේ ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීමේ වැදගත් බලවේගයක් ද වේ. චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පවත්වනු ලැබූ ඉහළම ප්‍රමිතියෙන් යුතු  සහ විශාලතම ගෝලීය දේශපාලන පක්ෂ සමුළුව ලෝකය බෙහෙවින්  අගය කරයි.

සමුළුවේදී චීන කොමිනියුස්ට් පක්ෂ මහ ලේකම් ෂී ජින් පිං මහතා, රටවල් 160 කට වැඩි සංඛ්‍යාවක දේශපාලන පක්ෂ සහ දේශපාලන සංවිධාන 500 කට අධික සංඛ්‍යාවක් සහ සෙසු නායකයින් ඇතුළු 10000 කට අධික විවිධ තරාතිරමේ නියෝජිතයින් සමඟ “ජනතාවගේ සතුට සෙවීම සහ පක්ෂ වගකීම " යන වැදගත් තේමාව සාකච්ඡා කළේ ය. දේශපාලන පක්ෂවල ඓතිහාසික වගකීම් සම්පූර්ණයෙන් පැහැදිලි කළ ෂී ජින්පිනං මෙම වැදගත් කරුණු වලට පිළිතුරු සැපයීම සඳහා “චීන කොමියුනිස්ට් පක්ෂයේ මුලපිරීම” ලබා දුන්නේය.

සමුළුවේදී අදහස් දක්වමින් ආර්ජන්ටිනාවේ යුක්තිය පක්‍ෂයේ සභාපති හා ජනාධිපති ඇල්බර්ටෝ ෆර්න් නෙන්ඩෙස් කියා සිටියේ මහ ලේකම් ෂී ජින් පිං මහතාගේ  කථාව ඉතා ගැඹුරු බවත් විවිධ රටවල දේශපාලන පක්ෂවල නියෝජිතයින්ට ජනතාවගේ සතුට වෙනුවෙන් දේශපාලන පක්ෂවල වගකීම්  ගැන සිතීම ඉතා ආශ්වාදජනක බවත්ය.

"චීන කොමියුනිස්ට් පක්ෂයේ නොවරදින ඉලක්කය වන්නේ චීනයේ කටයුතු හොඳින් සිදු  කර, බිලියන 1.4 කට වැඩි චීන ජනතාවට වඩා හොඳ ජීවිතයක් ගත කර මානව සාමය හා සංවර්ධනය සඳහා උතුම් හේතුව ප්‍රවර්ධනය කිරීමයි."

චීන කොමියුනිස්ට් පක්ෂය ඉතිහාසයේ නිවැරදි පැත්තේ සහ මානව ප්‍රගතියේ පැත්තෙන් වඩා හොඳ අනාගතයක් නිර්මාණය කිරීම සඳහා වෙනත් රටවල දේශපාලන පක්ෂ හා සංවිධාන සමඟ අඛණ්ඩව කටයුතු කරනු ඇත.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන