ලෝක දේශපාලන පක්ෂ නායකයන්ගේ සමුළුවේදී චීන ජනාධිපතිවරයාගෙන් ගැඹුරු යෝජනා
2021-07-07 11:23:38
Share with:

ලෝක දේශපාලන පක්ෂ නායකයන්ගේ සමුළුවේදී චීන ජනාධිපතිවරයාගෙන් ගැඹුරු යෝජනා_fororder_1

චීන කොමියුනිස්ට් පක්ෂය සහ ලෝක දේශපාලන පක්ෂ නායකයන්ගේ සමුළුව ජූලි 6වැනිදා රාත්‍රි වීඩියෝ ආකාරයෙන් පැවැත්විණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා බෙයිජිං හි සිට එම සමුළුවට එක් වෙමින් ‘පක්ෂ සහයෝගිතාව ශක්තිමත් කිරීමෙන් ජනතාවගේ සතුට එක්ව නිර්මාණය කිරීම’ යන ප්‍රධාන තේමා දේශනයක් සිදු කළේය. චීන ජනතාව සමගි වී චීන ක්‍රමයේ නවීකරණය ගැඹුරු ලෙස  ප්‍රවර්ධනය කරමින්, මානවයාට නවීකරණ මාර්ග ගවේෂණය කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය නව දායකත්වයක් ලබා දෙනු ඇතැයි හෙතෙම එහිදී අවධාරණය කළේය.

සංවර්ධනය යනු විවිධ රටවල අයිතිය මිස රටවල් කිහිපයක පේටන්ට්  අයිතිය නොවන අතර ප්‍රජාතන්ත්‍රවාදය යනු සෑම රටකම ජනතාවගේ අයිතිය මිස රටවල් කිහිපයක පේටන්ට් අයිතිය නොවන බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.

තමන්ගේම ජාතික තත්වයන්ට ගැලපෙන නවීකරණ මාවතක් ස්වාධීනව ගවේෂණය කිරීම සඳහා සෑම රටක්ම දරන උත්සාහයට ගරු කළ යුතු යැයි ඔහු සඳහන් කළේය.

විවිධ රටවල දේශපාලන පක්ෂ සමඟ එක්ව ලෝක සාමය ගොඩනගන්නෙකු, ගෝලීය සංවර්ධනයට දායක වන්නෙකු සහ ජාත්‍යන්තර පටිපාටිය ආරක්ෂා කරන්නෙකු වීමට චීන කොමියුනිස්ට් පක්ෂය කැමැත්තෙන් සිටින බව ද චීන ජනාධිපතිවරයා පැවසීය.

ලෝක දේශපාලන පක්ෂ නායකයන්ගේ සමුළුවේදී චීන ජනාධිපතිවරයාගෙන් ගැඹුරු යෝජනා_fororder_2

ලෝක දේශපාලන පක්ෂ නායකයන්ගේ සමුළුවේදී චීන ජනාධිපතිවරයාගෙන් ගැඹුරු යෝජනා_fororder_4

ලෝක දේශපාලන පක්ෂ නායකයන්ගේ සමුළුවේදී චීන ජනාධිපතිවරයාගෙන් ගැඹුරු යෝජනා_fororder_3

 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන