චීන කොමියුනිස්ට් පක්ෂය හා චීන ජනතාව අතර සබඳතාව අමනාප කිරීම සඳහා සිදුකරන ඕනෑම කුමන්ත්‍රණයක් සාර්ථක නොවනු ඇත
2021-07-06 10:36:35
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂය චීන ජනතාවගෙන් වෙන් කිරීම හෝ දෙපාර්ශ්වය අතර එකිනෙකා අමනාප කිරීම සඳහා සිදුකරන ඕනෑම කුමන්ත්‍රණයක් කිසිලෙසකින්වත් සාර්ථක නොවනු ඇත.පසුගිය දා පැවැත් වූ චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 100 වැනි සංවත්සර සැමරීමේදී, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින්පිං මහතා මේ ලෙස පැහැදිරිව ප්‍රකාශ කළේය.

ගෙවී ගිය වසර 100 තුළ, චීන කොමියුනිස්ට් පක්ෂය චීන ජනතාව එක්සත් කර චීන සමූහණ්ඩුව ස්ථාපිත කිරීම, සමාජවාදය සංවර්ධනය කිරීම,විවෘතභාවය හා ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, පූර්ණ සුවපහසු සමාජය ගොඩනගා පොදුවේ සමෘද්ධිමත් කිරීම යන ගත් උත්සාහ එක මූලික අරමුණය තිබේ. එය, ජනතාව යහපත් ජීවිතයට කෙරෙහි අපේක්ෂාව සපයා ගනිමින් ජනතාව සපවත් ජීවිතය ගත කළ හැකි වීමයි.මේ සම්බන්ධයෙන් ග්‍රසියේ හිටුපු විදේශ අමාත්‍ය George Katrougkalos මහතා ප්‍රකාශ කළේ සැම විටම චීන ජනතාව එකව සිටින චීන කොමියුනිස්ට් පක්ෂය සැම කෙනෙකුටම වඩාත් යහපත් හා සුසන්ගත අනාගතය යොයා ගැනීමට නියැළි සිටින බවයි.

ලෝකයේ ප්‍රසිද්ධ මහජන සම්බන්ධතා උපදේශක ආයතන වන Edelman සමාගම නිකුත් කරන ලද 2020 වසරේ විශ්වසනීයත්ව අනුපාත පිළිබඳ සමීක්ෂණ වාර්තාවට අනුව, චීන ජනතාව සිය රජයට දැක්වූ විශ්වසනීයත්ව අනුපාතය සියයට 95කට ළඟා විය. අදාළ සමීක්ෂණ පැවැත්වූ සියළු රටවල් අතරින් චීනය පළමු ස්ථානයක පවතී. චීන කොමියුනිස්ට් පක්ෂය හා ජනතාව අතර සබඳතාව අමනාප කිරීමේ උත්සාහ දැරූ කථ කතා ඒ මගින් විහිළුවක් ලෙස පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන