චීන යුරෝපා සංගම් සබඳතා දැඩිව ඉදිරියට වර්ධනය ‍වෙයි
2021-07-06 20:25:36
Share with:

චීන යුරෝපා සංගම් සබඳතා දැඩිව ඉදිරියට වර්ධනය ‍වෙයි_fororder_QQ图片20210706202504

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ ( 5) ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා සහ ජර්මානු චාන්සලර් Angela Merkel මහත්මිය සමඟ වීඩියෝ සමුළුවක් පැවැත්වීය. මාස තුනක් තුළ රටවල් තුනේ නායකයින් විසින් පවත්වන ලද දෙවන වීඩියෝ සමුළුව මෙයයි. චීනය සහ යුරෝපා සංගමය ද්විපාර්ශ්වික සබඳතාවලට වැදගත්කමක් දක්වන අතර සංවාද හා සහයෝගීතාව ශක්තිමත් කිරීමට කැමැත්තෙන් සිටින බව ඉන් දැකිය හැකිය.

චීනය සහ යුරෝපය අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ මූලධර්මය මත සහයෝගයෙන් කටයුතු කරන අතර වෙනස්කම් වෙන් කර ගනිමින් පොදු පදනමක් සෙවීම දෙපාර්ශ්වය අතර පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය විශාලතම පොදු  සාධකයන් මතු කරනු  ඇතැයි  ෂී ජින් පිං  මහතා පෙන්වා දුන්නේය. එය චීනය හා යුරෝපය අතර අභ්‍යන්තර තත්ත්වයන්ට මැදිහත් වීම් තුරන් කර සබඳතා තදින් පවත්වා ගෙන යාමේ දිශාව පෙන්වා දී තිබේ.

නිවැරදි අන්‍යෝන්‍ය අවබෝධය තහවුරු කිරීම, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහ ජයග්‍රාහී සහයෝගීතාව පුළුල් කිරීම, සැබෑ බහුපාර්ශ්විකත්වය පවත්වා ගැනීම සහ ප්‍රධාන රටවල් අතර සමස්ත ස්ථාවර හා සමබර සබඳතා ගොඩනඟා ගැනීම යන කරුණු ඇතුළුව ෂී ජින් පිං මහතා ගේ යෝජනා හතර චීන යුරෝපා සංගම් සබඳතා පිළිබඳ චීනයේ ගැඹුරු අවබෝධය පිළිබිඹු කරයි.

චීනයේ මුලපිරීම සම්බන්ධයෙන් Angela Merkel මහත්මිය පැවසුවේ යුරෝපා සංගමය හා චීනය  අතර , සහයෝගීතාව, අන්‍යෝන්‍ය ගෞරවය සහ සංවාදය ශක්තිමත් කිරීම තුළින් වෙනස්කම් අවම කිරීම සඳහා බොහෝ අංශ තිබෙන බවයි. 23 වන යුරෝපා සංගම් චීන සමුළුව හැකි ඉක්මනින් කැඳවීමට ඇය සහාය දුන් අතර යුරෝපා සංගමය   චීන ආයෝජන ගිවිසුම හැකි ඉක්මනින් අනුමත කරනු ඇතැයි ඇය බලාපොරොත්තු පළ කළාය.

උපාය මාර්ගික ස්වයං පාලනයක් අනුගමනය කරන යුරෝපයක් චීනය සමඟ ඇති විශාලතම පොදු සාධකයන් ග්‍රහණය කර ගනු ඇත. සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කිරීම, වෙනස්කම් නිසි ලෙස හැසිරවීම, ගෝලීය අභියෝගයන්ට මුහුණ දීම සඳහා දායකත්වය ලබා දීම සහ සැබෑ බහුපාර්ශ්විකත්වය තහවුරු කිරීම සඳහා ආදර්ශයක් සපයනු ඇතැයි චීනය බලාපොරොත්තු වේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන