චීන කොමියුනිස්ට් පක්ෂය සතු ප්‍රබල විප්ලවීය ශක්තිය
2021-07-04 15:03:21
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂය සතු ප්‍රබල විප්ලවීය ශක්තිය_fororder_96dda144ad3459827d6e6b81280ff1a5c9ef84c5

බියකින් තොරව අඛණ්ඩව ස්වයං විප්ලවය සිදුකිරීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ, සෙසු දේශපාලන පක්ෂවලට වෙනස් වන කැපී පෙනෙනම ලක්ෂණයක් බව, චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවස් ඉතිහාසය ආවර්ජනය කිරීමේදී දැකිය හැකිය. 1926 වසරේම එම පක්ෂය පළමුවන දූෂණ විරෝධී ලේඛනය නිකුත් කර තිබිණ. චීන විප්ලවය මෙහෙයවීම, නව චීනය පිහිටුවීම, ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීම, මේ සියල්ල තුළදී ම චීන කොමියුනිස්ට් පක්ෂය සිය සාමාජිකයින් පාලනය කර ඇත්තේ උපරිම විනයගරුක ලෙසය. විශේෂයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වන ජාතික නියෝජිත සම්මේලනයෙන් අනතුරුව දූෂණය කෙරේ ‘ශුන්‍ය ඉවසීම්’ ක්‍රියාමාර්ගයක් අනුගමනය කර ඇති චීන කොමියුනිස්ට් පක්ෂයට, සිය නායක හැකියාව හා සටන් හැකියාව ඉමහත් ලෙස ඉහල නංවාලීමට හැකි විය.

වසර 2015 දී, පිටරටවලට පලා ගිය දූෂකයින් ඉලක්ක කොට ගත් ‘අහස් දැල’ නම් මෙහෙයුමක් ඇරඹිණ. එමගින් මේ වන විට රටවල් හා ප්‍රදේශ 120කින් දූෂකයින් 9100ක් නීතියේ රැහැනට හසුකර ගැනුණු අතර කොල්ලකන ලද චීන යුවාන් බිලියන 21ක මුදලක් ආපසු අය කර ගැනිණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවස් ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට, මේ යුගයේ දූෂණ විරෝධී මෙහෙයුම් තුළින් දැවැන්තම අධිෂ්ඨානය පෙන්නුම් කර තිබෙන බව නිසැකවම කිව හැකිය.

දූෂණ මර්දනය, ලෝකයේ විවිධ දේශපාලන පක්ෂ මුහුණ දෙන පොදු අභියෝගයකි. එහෙත් චීන කොමියුනිස්ට් පක්ෂය සේම එම ව්‍යායාමය සිය දෛවයට අදාල වන සේ වැදගත් කොට සලකා දූෂකයින්ට අඛණ්ඩව අධි පීඩන මෙහෙයුම් පවත්වා ඇති පක්ෂ දුලබය. ඊට හේතුව,  දූෂණය උවදුරක් සේ පැතිර යාමට ඉඩ දුනහොත්, ජන හදවත අහිමි වෙමින් ආණ්ඩු බලය ක්‍රියාත්මක කිරීමේ පදනමත් දිරා යා හැකි බව චීන කොමියුනිස්ට් පක්ෂයට මනා ලෙස අවබෝධ වී  තිබීමයි. තවත් පැත්තකින්, චීන කොමියුනිස්ට් පක්ෂය ‘පෞද්ගලික වාසි’ සඳහා හඹා නොයන පක්ෂයකි. ජනතාවගේ මූලික ප්‍රතිලාභයන් ප්‍රම්ඛ ලෙස සලකමින් සිය අඩුපාඩු සඟවා නොගෙන අඛණ්ඩව ස්වයං නිරීක්ෂණය හා ස්වයං විප්ලවය සිදු කර ඇති චීන කොමියුනිස්ට් පක්ෂයට, ‘බලය හිරු එළිය යටතේම ක්‍රියාත්මක කිරීම’ සහතික කිරීමට හැකි වී තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන