සුව පහසු සමාජයක් යනු කෙසේ ද? (ගමනාගමනය)
2021-07-04 17:00:37
Share with:

සුව පහසු සමාජයක් යනු කෙසේ ද? (ගමනාගමනය)_fororder_1

සම්පූර්ණ ලෙස සුව පහසු සමාජයක් බිහි කිරීම සාක්ෂාත් කර ඇති බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සර උත්සවයේදී ප්‍රකාශ කළා. සුව පහසු සමාජයක් යනු කෙසේ දැයි චීන ජනතාවගේ ජීවිතවලින් දැක ගත හැකියි.

පසුගිය ජූනි මස 25 වැනිදා, Lhasa-Linzhi දුම්රිය මාර්ගය විවෘත වුණා. එම දුම්රිය මාර්ගය කිලෝමීටර 435 ක දිගකින් යුක්ත වන අතර සැලසුම් කර ඇති වේගය පැයට කිලෝමීටර් 160 ක් වෙනවා.

Lhasa-Linzhi දුම්රිය මාර්ගය චිංහායි-ටිබෙට් සානුවේ GangdisiShan කඳු සහ හිමාලය අතර මිටියාවතේ පිහිටා තිබෙනවා. එයින් 90% කට වඩා වැඩි ‍කොටස, මුහුදු මට්ටමේ සිට මීටර් 3000 ට වඩා ඉහළින් පිහිටා ඇති අතර භූ ගෝලීය තත්වයන් බොහෝ සංකීර්ණයි. චීනයේ ටිබෙටයේ විද්‍යුත්කරණය වූ පළමු දුම්රිය මාර්ගය වන Lhasa-Linzhi දුම්රිය මාර්ගය ප්‍රාතිහාර්යයන් මාලාවක් නිර්මාණය කර තිබෙනවා. එම සානුවේ දුම්රිය ම‍ඟේ ක්‍රියාත්මක කෙරෙන Fuxing අධිවේගී දුම්රිය සම්පූර්ණයෙන්ම  ස්වයංක්‍රීය ඔක්සිජන් සැපයුම සමග ඒකාබද්ධ කර ඇති අතර කවුළු වීදුරු පාරජම්බූල කිරණ ආරක්ෂාව සහිත ස්ථර 4 කින් සමන්විත වෙනවා.

Linzhi නගරයේ Milin කෝරළය Lhoba ජනවාර්ගික කණ්ඩායමේ වැදගත් ජනාවාසයක්. වර්තමානයේ, ගුවන්තොටුපල සහ දුම්රිය ස්ථානය මගින්, හුදෙකලා Lhoba ජනතාව බාහිර ලෝකය සමඟ සමීපව සම්බන්ධ වෙලා තියෙනවා. 46 හැවිරිදි Daji මහතා Lhoba හි දඩයම්කරුවෙකුගේ දරුවෙක්. ඔහු කියා සිටියේ ගමනාගමනය දැන් වැඩි වැඩියෙන් පහසු වෙමින් පවතින බවත්, විවිධ ජනවාර්ගික කණ්ඩායම්වල අය මෙහි සංචාරය කිරීමට පැමිණෙන බවත්, බාහිර ලෝකය සමඟ පෙරට වඩා සමීප සම්බන්ධතා ඇති බවත්.

සුව පහසු සමාජයක් යනු කෙසේ ද? (ගමනාගමනය)_fororder_2

සුව පහසු සමාජයක් යනු කෙසේ ද? (ගමනාගමනය)_fororder_3

සුව පහසු සමාජයක් යනු කෙසේ ද? (ගමනාගමනය)_fororder_4

සුව පහසු සමාජයක් යනු කෙසේ ද? (ගමනාගමනය)_fororder_5

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන