මූලික මානව හිමිකම වන ජීවිත අයිතිවාසිකම කෙරෙහි ඇමරිකානු දේශපාලනඥයින් දක්වන නොසැලකිල්ල
2021-07-03 22:11:03
Share with:

 

මූලික මානව හිමිකම වන ජීවිත අයිතිවාසිකම කෙරෙහි ඇමරිකානු දේශපාලනඥයින් දක්වන නොසැලකිල්ල_fororder_f7c0418da617c0da53383f5bac5eb25c

ජුනි මස 24වනදා ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිදු වූ ගොඩනැගිල්ලක් කඩා වැටීමේ අනතුරෙන් පසුගිය දෙවැනිදා වන විට පුද්ගලයින් 22 දෙනෙකු මිය ගිය අතර තවත් 126 දෙනෙක් අතුරුදන් වූහ. අනතුර සිදු වී දින දහයක් ගත වී තිබුණද එම  126 දෙනා තවමත් සුන්බුන් තුළ සිරව සිටීම ඇමරිකානු අන්තර් ජාල භාවිත කරන්නන්ගේ කෝපයට හේතු විය. හොලිවුඩ් චිත්‍රපටවලින් බිහි වූ ඇමරිකානු වීරයින් හා ඇමරිකානු රජයට ආඩම්බරයක් වන අධිනව තාක්ෂණය අතුරුදන් ව තිබේදැයි  ඔවුහූ විමසූහ. ඇමරිකානු රජයේ වර්තමානයේ වඩාත්ම හදිසි කාර්යභාරය වන්නේ එම සියකට වැඩි ජීවිත බේරා ගැනීම මිස, සිරියාවට බෝම්බ දැමීම නොවන බව ද ඔවුහූ පැවසූහ.

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ගොඩනැගිල්ල කඩා වැටීමේ අනතුර සිදු වී ප්‍රාදේශීය හා පෙඩරල් රජයන් විසින් ආපදා සහන කටයුතු අනුමත කිරීමට, පැය 16ක් ගත විය. පැමිණ සිටියේ දහයකට වැඩි සහන කණ්ඩායමකි. ඔවුන් එක් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට කැබලි භාර දුන් ආකාරය වීඩියෝ මගින් දුටු විවිධ රටවල අන්තර් ජාල පරිශීලකයින්, එම සහන කණ්ඩායම පුරාවිද්‍යාඥයින් කැණීම් සිදු කරන්නාක් මෙන් බවට සමච්චල් කර ඇත.

එහෙත් සුන්බුන් තුළ සිර වී සිය ජීවිතය බේරා ගන්නා තෙක් බලා සිටින පුද්ගලයින්ගේ වේදනාව වචනවලින් දැක්විය නොහැකිය. මේ අතර ඇමරිකානු මාධ්‍ය වාර්තාවන්ට අනුව, අනතුර සිදු වීමෙන් පසු ඇමරිකානු නිලධාරීන් ආපදා කටයුතුවලට උපදෙස් දීමට වඩා, මාධ්‍ය හමුව පැවැත්වීමට වැඩි උනන්දුවක් දක්වා ඇත.  ‘බලාපොරොත්තු තිබේ’ යැයි හැම දාම පවසති. ඇමරිකානු නායකයා ජූලි පළමුදා අනතුර සිදු වූ ස්ථානය නිරීක්ෂණය කරමින් ආපදා සහන සේවකයින්ගේ වැඩකටයුතු ‘විශ්වාස කළ නොහැකි තරමට හොඳයි’ කියා පවසන විටම, 140 දෙනෙක් තවමත් අතුරුදන් ව සිටිති.

ඇතැම් ඇමරිකානු දේශපාලනඥයින්, මූලික මානව හිමිකම වන ජීවිත අයිතිවාසිකම කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදැක්වීම පැහැදිලිය. ඔවුන්ගේ හැසිරීම ඇමරිකානු ජනතාවගේ හදවත සීතල කරවන්නක් සේය. එය ඇත්තටම ඇමරිකානු ඛේදවාචකයකි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන