චීනයේ සංවර්ධනය මගින් ලෝකයේ පොදු සංවර්ධනය
2021-07-03 15:09:14
Share with:

චීනයේ සංවර්ධනය මගින් ලෝකයේ පොදු සංවර්ධනය_fororder_2b19855cfa81a3e247a327e6936009e3

චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත වී ගෙවී ගිය සියවස තුළ චීන කොමියුනිස්ට් පක්ෂය මාක්ස්වාදී  චින්තනයේ මගපෙන්වීම් යටතේ සමස්ත චීන ජනතාව මෙහෙයවා දුෂ්කරතා මඟහැර ජාතික ස්වාධිපත්‍යය හා ජනතාවගේ විමුක්තිය ඉෂ්ඨ කර ඇත. චීනය දුප්පත් රටක සිට ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථික ස්වභාවය බවට පත් වී තිබේ. ආහාර හා ඇඟලුම් පවා හිඟවූ යුගයක සිට ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිත වටිනාකම ඇ.ඩො. 10,000ක් දක්වා වර්ධනය වී තිබේ. මේ තුළදී චීනයට වේගවත් ආර්ථික වර්ධනයක් හා තිරසර සමාජ ස්ථාවරත්වයක් පවත්වා ගෙන යාමට හැකි වීම, ප්‍රාතිහාර්යයකි. සමාජවාදයට පමණක් චීනය බේරා ගත හැකි යැයි ද සමාජවාදයට පමණක් චීනය සංවර්ධනය කළ හැකි යැයි ද එම ඉතිහාසයෙන් පිළිබිඹු වී තිබේ.

ලොව විශාලතම ආණ්ඩු පක්ෂය වශයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය ජනතාව සමග එක්ව නිවැරදි සංවර්ධන මාර්ගයක් සොයා ගෙන ඇති අතර ලෝක සංවර්ධනයට ද ධනාත්මක බලය එකතු කිරීමෙහි නියැළී සිටියි. පසුගිය වසර ගණනාවක් පුරා චීනය ලෝක ආර්ථික වර්ධනයට දැක්වූ දායකත්වය සියයට 30ක මට්ටමක පවතී. චීනය විසින් ඉදිරිපත් කරන ලද එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට එක් වන රටවල මිලියන 7.6ක ජනතාව නිරපේක්ෂ දරිද්‍රතාවෙන් මුදවා ගැනීමටත්, තුන් කෝටි විසි ලක්ෂයක ජනතාව මධ්‍ය දරිද්‍රතාවෙන් මුදවා ගැනීමටත් හැකි වෙතැයි අපේක්ෂා කර ඇත. මේ අතර  දේශගුණික විපර්යාසයට මුහුණ දීම පිළිබඳ පැරිස් ගිවිසුම චීනය සක්‍රීයව අනුගමනය කරමින් සිටියි. අති දැවැන්ත අධිෂ්ඨානයකින් යුක්තව සිය කාබන් උදාසීන ඉලක්කය ප්‍රකාශයට පත් කෙරිණ. චීනයේ සංවර්ධනය මගින් ලෝකයේ පොදු සංවර්ධනය බොහෝ සෙයින් පෙළඹවී ඇති බව නිසැකය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන