චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමකාමී සංවර්ධන මාවත
2021-07-03 20:00:08
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමකාමී සංවර්ධන මාවත_fororder_14dfb535c61348008e6f3949e67a7a58

සාමය යනු රටේ වසර පන් දහසක ඉතිහාසයෙන් චීන ජාතිකයින් උරුම කර ගත් ජීවගුණයයි. එය චීන කොමියුනිස්ට් පක්ෂයේ ජානවලටත් මිශ්‍ර වී තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂයට සටන්වලින් පිරුණු පැරණි චීන යුගයේ අපමණ අනුගාමිකයින් ආකර්ෂණය කර ගැනීමට හැකි වූයේ කෙසේ ද යන්න බොහෝ බටහිර ජාතිකයින්ට ප්‍රශ්නයක් වී ඇත. චීනයේ දැවැන්ත විපර්යාසය සියැසින්ම දුටු කැනඩා ජාතික Isabel Crook මහත්මිය ඊට නිවැරදිම පිළිතුරක් ලබා දී තිබේ. ඒ චීන කොමියුනිස්ට් පක්ෂය ජනතාවට සාමය ගෙන දී තිබෙන නිසා බවයි.

ජනතාව සමග සමගී වී ජපාන ආක්‍රමණිකයින් සමග සටන් කර දෙවන ලෝක සංග්‍රාමයේ නැගෙනහිර යුද බිමේ ජයග්‍රහණය දිනා ගත් චීන කොමියුනිස්ට් පක්ෂය, නව චීනය පිහිටුවීමෙන් පසු අඛණ්ඩව සාමකාමී සංවර්ධන මාර්ගය අනුගමනය කර ඇත. සාමකාමී සංවර්ධන මාර්ගය යන කරුණු චීනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පමණක් නොව, චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රඥප්තියටත් ඇතුළත් කරනු ලැබ තිබේ. ‍පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් හා නවාකාර ජාත්‍යන්තර සබඳතා ගොඩනැගීම ඉදිරිපත් කිරීම තුළින් චීන කොමියුනිස්ට් පක්ෂය අඛණ්ඩව ලෝක සාමයට දායක වීමේ අධිෂ්ඨානය පිළිබිඹු විය හැකිය. චීන ජනතාව කවදාවත් සෙසු රටවල ජනතාවට හිරිහැර කිරීම, පීඩනය එල්ල කිරීම හෝ යටත් කිරීම සිදු කළේ නැත. එය අතීතයේ වුවද වර්තමානයේ වුවද අනාගතයේ වුවද සිදු නොවන්නකි.

චීන කොමියුනිස්ට් පක්ෂය ආණ්ඩු බලය ක්‍රියාත්මක කිරීමේ සිට අද දක්වා හැම විටම යොමු ව ඇත්තේ ජනතාව මෙහෙයවමින් රට සංවර්ධනය කිරීමටය. ‘රටක් බලවත් වූ විට දාමරික වේ’ යන බටහිර ලෝකයේ සාම්ප්‍රදායක් පැවතිය ද චීන කොමියුනිස්ට් පක්ෂය, රට බලවත් වී සෙසු රටවල් සමග පොදු ජයග්‍රහණ දිනා ගැනීම පිළිබඳ නව මාර්ගයක් නිර්මාණය කර ඇත. එය මානව ව්‍යායාමට ඉමහත් වැදගත්කමක් හිමි මෙහෙවරකි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන