රට තුළ සම්පූර්ණ ලෙස සුව පහසු සමාජයක් බිහි කිරීම පිළිබඳ සිය ප්‍රතිඥා ඉටු කිරීමට සමත් වූ චීන කොමියුනිස්ට් පක්ෂය
2021-07-01 19:36:46
Share with:

රට තුළ සම්පූර්ණ ලෙස සුව පහසු සමාජයක් බිහි කිරීම පිළිබඳ සිය ප්‍රතිඥා ඉටු කිරීමට සමත් වූ චීන කොමියුනිස්ට් පක්ෂය_fororder_5bafa40f4bfbfbeda5cdf02a4dcf4a3eaec31f92

“අපි පළමු සියවසේ ඉලක්කය ඉෂ්ඨ කර ඇත්තෙමු. චීන භූමිය මත සුව පහසු සමාජයක් බිහි කිරීමටත් ඓතිහාසිකව නිරපේක්ෂ දරිද්‍රතාවය පිටුදැකීමටත් සාර්ථක වූ අපි, නවීකරණ සමාජවාදී ප්‍රබල රටක් ගොඩනැගීම පිළිබඳ දෙවන සියවසේ ඉලක්කය කරා උනන්දුවෙන් හා ශක්තියෙන් යුක්තව ගමන් කරමින් සිටිමු.” ඒ ජූලි පළමුදාට යෙදෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සර සැමරුම් උත්සවය අමතමින් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින්පිං මහතා සිදු කළ ගාම්භීර ප්‍රකාශයකි.

සුව පහසු සමාජයක් බිහි කිරීම, චීන කොමියුනිස්ට් පක්ෂය චීන ජනතාවට දුන් බලවත් පො‍රොන්දුවකි. මේ වන විට එම පොරොන්දුව සැබෑ වීම තුළින්, චීන ආර්ථික හැකියාව, විද්‍යා තාක්ෂණික හැකියාව, සංයුක්ත ධාරිතාව හා ජන ජීවිත මට්ටම නව තලයකට නංවා ඇති බව පිළිබිඹු විය. එපමණක් නොව, සංවර්ධනය හඹා යමින් ස්වාධීනත්වය පවත්වා ගෙන යාමට අපේක්ෂා කරන රටවලට චීන බුද්ධිය හා චීන විසඳුම් එමගින් සලසා දී තිබේ.

ගෙවී ගිය සියවස සිහිපත් කරමින්, මේ ලෝකයේ, චීන කොමියුනිස්ට් පක්ෂය සේ, එපමණ අධික දැවැන්ත දුෂ්කරතා හා අභියෝග අත්විඳ අපමණ ජීවිත කැප කළ පක්ෂයක් නොමැති බව පෙනේ.  ෂී ජින්පිං මහතාට අද(1) පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සර සැමරුම් උත්සවය අමතා දේශනයක් සිදු කරමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ ජීවගුණ මූලාශ්‍රය සම්පිණ්ඩනය කිරීමට හැකි විය. එනම්, ‘සත්‍යයේ නියැළී සිටිමින් පරමාදර්ශය උදෙසා ස්ථිරව වෑයම් දැරීම, පරමාර්ථය අනුගමනය කරමින් මෙහෙවර භාර ගැනීම, ජීවිත කැප කිරීම්වලට බිය නොවී ධෛර්යයෙන් සටන් කිරීම, චීන කොමියුනිස්ට් පක්ෂයට ලෙන්ගතු වෙමින් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට වෑයම් කිරීම ’ය.

ඒ, චීන කොමියුනිස්ට් පක්ෂයේ ශ්‍රේෂ්ඨ සංවර්ධන ජීවගුණය ලෙස ද හැඳින්වේ. එම ජීවගුණයේ දිරිගැන්වීම යටතේ පසුගිය සියවසක් තුළ චීන කොමියුනිස්ට් පක්ෂය චීන ජනතාව මෙහෙයවා ජාතික ස්වාධීනත්වය සාක්ෂාත් කොට නව චීනය ගොඩනැගූ අතර රටේ සමාජවාදී ක්‍රමය නියම කර තහවුරු කොට ඇත. එම ජීවගුණයෙන් යුක්තව ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය යන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කෙරෙමින් නවීකරණ සමාජවාදී සංවර්ධනය පවත්වා ගෙන යමින් පවතී. දැනට නව යුගයේ චීන ලක්ෂණයෙන් හෙබි සමාජවාදී ක්‍රමය පරිපූර්ණ කෙරෙමින් රටේ පරිපාලන පද්ධතිය හා නවීකරණ පාලන හැකියාව ප්‍රවර්ධනය වීමට ද එම ජීවගුණය පොළඹවා තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන