ජගත් මාධ්‍යයන්හි ඉහළ අවධානයට ලක්වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ සාර්ථකත්වය
2021-06-30 18:14:47
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ දරිද්‍රතාවෙන් මුදවා ගෙන චීනය ඉතා වේගවත්ව සමෘද්ධිමත් හා ශක්තිමත් වෙමින් පවතින බව මෑතකදී බටහිර මාධ්‍ය ඇතුළු ප්‍රධාන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ජගත් මාධ්‍යයන්හි ඉහළ අවධානයට ලක්වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ සාර්ථකත්වය

එමෙන්ම,අදාළ මාධ්‍ය පළ කරමින් ප්‍රකාශ කළේ ආර්ථීක සංවර්ධන ක්ෂේත්‍රයේ වැදගත් ජයග්‍රහණ ලබා ගනිමින් විශේෂයෙන්ම ජන ජීවිත මට්ටම කැපී පෙනෙන ලෙස ඉහළ නංවා තිබීම චීන කොමියුනිස්ට් පක්ෂයට ජනතාවගේ ඉහළ කැමැත්තක් හිමිවීමට හේතු වූ බවයි.

මේ සම්බන්ධයෙන්,බ්‍රිතාන්‍ය The Economist සඟරාව පසුගිය 26 වනදා “ශත සංවත්සරය සමරන චීන කොමියුනිස්ට් පක්ෂය   දීර්ඝායුෂ රහසය”නම් ලිපියක් පළ කළා.එම ලිපියේ සඳහන් වුණේ චීනය ‍මෙන් සාගින්න විඳි ව්‍යසනයකින් පසු ලෝකයේ දෙවන විශාලතම ආර්ථික ඒකකය බවට පත් වීමට වෙනත් කිසිදු කොමියුනිස්ට්වාදී බලවේගයකට නොහැකි  බවයි.චීනය සතු නවීන තාක්‍ෂණ, යටිතල පහසුකම් හා සැසඳීමේදී ඇමරිකාවේ පැරණි මාර්ග සහ දුම්රිය මාර්ග ලැජ්ජාවක් ගෙන දෙන බව එම ලිපියේ සඳහන් වනවා.

ජගත් මාධ්‍යයන්හි ඉහළ අවධානයට ලක්වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ සාර්ථකත්වය

ජාත්‍යන්තර දේශපාලන හා ආර්ථීක ප්‍රවණතා නිවැරදිව අවබෝධ කර ගෙන චීන කොමියුනිස්ට් පක්ෂය විසින් චීනය ජගත් සමාජයේ නොසලකා හැරිය නොහැකි ශක්තියක් බවට පත්කර තිබෙනවා. ස්පාඤ්ඤයේ Political observation of China වෙබ් අඩවියේ ප්‍රකාශ කළේ ගත වූ සිය වසරක කාලය තුළ චීන කොමියුනිස්ට් පක්ෂය සිය සියළු අභ්‍යන්තර අර්බුද හා ගැටළු විසඳා ගනිමින් විශාලතම හා ශක්තිමත්ම කොමියුනිස්ට් පක්ෂය බවට පත්වී තිබෙන බවයි.

අඛණ්ඩව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම චීන කොමියුනිස්ට් පක්ෂය සාර්ථක වීමේ වැදගත් හේතුවයි.සංවර්ධනය කිරීමේදී චීන කොමියුනිස්ට් පක්ෂය සෝවියට් සංගමයේ ප්‍රතිසංස්කරණයේ අසාර්ථක අත්දැකීම් සලකා පෞද්ගලික ව්‍යවසායන්ට සහය දී තිබෙනවා.චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ සමාජවාදී වෙළඳපොල ආර්ථීක පද්ධතිය මගින් ඵලදායකව ආර්ථීක සංවර්ධනය දිරිමත් කෙරුණු බව ජර්මන් මාධ්‍ය ආයතන රැසක් වාර්තා කර ඇත.

ඇමරිකාවේ The Christian Science Monitor වෙබ් අඩවිය ලිපියක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ චීන ජනතාව තෘප්තිමත් වීමේ අනුපාතය අඛණ්ඩව ඉහළ නැංවීමේ ප්‍රධාන හේතු තුනක් තිබෙන බවයි.  

පළමුව, නව කොරොනා වසංගතය මර්දන කිරීමේ දී ඇමරිකාව ඇතුළු සංවර්ධිත රටවල් හා සැසඳීමේදී චීනය සක්‍රීය ආදර්ශයක්  බිහි කිරීමයි. දෙවැන්න,සැබවින්ම ජන ජීවිත මට්ටම ඉහළ නැංවීමයි. තුන්වැන්න, දූෂණ විරෝධය, දිළිඳුකම තුරන් කිරීම, කෘෂිකාර්මික බදු ඉවත් කිරීම, ග්‍රාමීය ප්‍රදේශයේ සහයෝගිතා වෛද්‍ය සේවා ලබා ගැනීමට පහසුකම් සැලසීම යන ජනතාවට ලබා දුන් ප්‍රතිඥා චීන කොමියුනිස්ට් පක්ෂය සම්පූර්ණයෙන් ම ඉටු කිරීමයි.

ජගත් මාධ්‍යයන්හි ඉහළ අවධානයට ලක්වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ සාර්ථකත්වය

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන