චීන කොමියුනිස්ට් පක්ෂයේ ආදර්ශවත් වීරවරයන්
2021-06-30 10:50:10
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ ආදර්ශවත් වීරවරයන්

චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය හෙටට යෙදේ. මේ නිමිති කර ගෙන, ඊයේ(29) ‘ ජූලි 1 පදක්කම ’ පිරිනැමීමේ උත්සවය චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් බෙයිජිං හිදී පැවැත්විණ.

‘ ජූලි 1 පදක්කම ’ චීන කොමියුනිස්ට් පක්ෂයේ උත්තරීතර ගෞරවය ලෙස හැඳින්වෙයි. මෙම වසරේ එය ප්‍රථම වරට ප්‍රදානය කෙරිණ. 29දෙනෙක් ඉන් පිදුම් ලැබූහ. විශ්‍රාමික වයෝවෘද්ධ යුද භටයන්, ආදර්ශ සේවකයන්, ප්‍රතිසංස්කරණ පුරෝගාමීන්, විද්‍යා පර්යේෂකයන්, පරිසර සංරක්ෂකයන් හා රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිසක් ඊට ඇතුළත් ය. ඔවුන්ගේ ආදර්ශවත් ජීවිත චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින්ගේ පොදු අධ්‍යාත්මික චරිත පිළිබිඹු කරයි. එනම්, දැඩි විශ්වාසයකින් යුක්තව විශාල දායකත්වයක් ලබා දෙමින් පිරිසිදු ලෙස රට වෙනුවෙන් මෙන්ම ජනතාව වෙනුවෙන් ද සේවය කිරීම ය.

‘ ජූලි 1 පදක්කමෙන් ’ පිදුම් ලැබූවන්, ජනතාව අතරින් පැමිණ, රාජකාරි සඳහා වන මූලික වගකීම් හා යුතුකම් වල තදින් ම රැඳී සිටිමින් නිහතමානී ලෙස දායක වන ජනතා වීරයන් බව ෂී ජින් පිං මහතා පදක්කම් පිරිනැමීමේ උත්සවයේදී සඳහන් කළේ ය.

1949 වසරේ චීන විමුක්ති යුද්ධ කාල වකවානුව තුළ ඉතා කැපී පෙනෙන ලෙස දායක වුවද, වීරවරියක් ලෙස තමා ව නොසලකන Ma Maojie, සිය ප්‍රධානත්වයෙන් යුතුව වසර 36ක් පුරා ගම්වැසියන් සමග කඳුකරය මත ජල මාර්ගයක් ඉදි කළ Huang Dafa, පේස්මේකරයක් පැළඳ වයස අවුරුදු 80කට වැඩි වුවද සානු ප්‍රදේශයේ විද්‍යා පර්යේෂණය අඛණ්ඩ ව සිදු කරන Wu Tianyi, දරිද්‍රතාවය පිටු දැකීමේ ව්‍යායාමය වෙනුවෙන් සිය ජීවිතය පුද කළ තරුණ පරපුරේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකා Huang Wenxiu යන පුද්ගලයෝ ‘ ජූලි 1 පදක්කම ’ හිමි කර ගත් 29දෙනා අතරට එක්වූ අය වෙති. ඔවුන්ගේ ආදර්ශවත් හැසිරීම් මගින්, චීන ‍කොමියුනිස්ට් පක්ෂය තහවුරු කරන දැවැන්ත කැපවීම් පිළිබිඹු කෙරෙන අතරම ගත වූ වසර 100 තුළ, චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් නොපසුබටව දායක වීමෙන් බිහි කර ඇති අධ්‍යාත්මික ශක්තිය ද ඉන් සංකේතවත් කර තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන