චීනය මැලේරියාව තුරන් කිරීම, මානව හිමිකම් වර්ධනයේ පිළිබිඹුවක්
2021-06-30 19:41:51
Share with:

චීනය මැලේරියාව තුරන් කිරීම, මානව හිමිකම් වර්ධනයේ පිළිබිඹුවක්_fororder_f78568c93853dbefddb4fb4d27b1c489

චීනය මැලේරියා රෝගය සම්පූර්ණයෙන් තුරන් කිරීම ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අද(30) ගැසට් නිවේදනයක් නිකුත් කරමින්  අගය කර ඇත. ඒ අනුව ගෙවී ගිය දශක තුන තුළ එම සංවිධානයේ බටහිර ශාන්තිකර කලාපයේ අදාල සහතිකය හිමි කර ගත් ප්‍රථම රට බවට චීනය පත්ව ඇත.

එය, දැවැන්ත වැදගත්කමක් හිමි සහතිකයකි. චීනයේ මැලේරියා ආසාදිතයින් සංඛ්‍යාව පසුගිය හතලිහේ දශකයේ කෝටි තුනක මට්ටමක සිට වසර 2017 දක්වාත් අද වන විටත් ශුන්‍ය මට්ටමක පැවතීම නම් අසීරුවෙන් ලබා ගත් ජයග්‍රහණයකි.

මැලේරියා රෝගය, මාරාන්තික වසංගතවලින් එකකි. ජන සෞඛ්‍ය ආරක්ෂාව සඳහා චීනය පසුගිය පනහේ දශකයේ සිට මැලේරියා රෝගය සමග සටන ආරම්භ කර තිබිණ. රටේ දිළිඳුකම මැඩපැවැත්වීමේ මෙහෙයුමත් සමගම ජනතාවගේ නිවාස, ජීවිත, සන්නිවේදන හා වෛද්‍ය සේවා පහසුකම් ද බොහෝ දුරට යහපත් කරනු ලැබීය. සමස්ත ජනතාව ආවරණය වන මූලික වෛද්‍ය සේවා ආරක්ෂක ජාලයක් ස්ථාපිත කිරීම, මැලේරියාව තුරන් කිරීම සඳහා වන තවත් වැදගත් සාධකයකි.

ගෝලීය මැලේරියා මර්දන ව්‍යායාමය තුළ චීනය හැම විටම පෙරමුණේ සිටියි. වසර 1967 දී මැලේරියාවට ප්‍රතිකාර කිරීමේ නව චිකිත්සාවක් සොයා ගැනීමේ අරමුණෙන් යුක්තව ‘523 ව්‍යාපෘතිය’ ඇරඹිණ. එහි ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය සියවසේ හැත්තෑ ගණන්වල Artemisinin නම් රසායනික ද්‍රව්‍ය සොයා ගැනිණ. එය මැලේරියා උවදුර පැවති ප්‍රදේශවලට දිව ඔසුවකි.

ලෝකයේ අධිකතම ජනගහණය සිටින රට වශයෙන් චීනයට මැලේරියාව තුරන් කිරීමට හැකි වීම, එහි සෞඛ්‍ය සේවා මට්ටමේ වර්ධනයේ පමණක් නොව, මානව හිමිකම් ව්‍යායාම වර්ධනයේ ද පිළිබිඹුවකි. අන්ත දරිද්‍රතාව තුරන් කිරීමෙන් පසු මානව සෞඛ්‍ය ක්ෂේත්‍රය හා ලෝක මානව හිමිකම් ව්‍යායාමය උදෙසා චීනය ඉටු කළ තවත් මෙහෙවරක් ලෙස මෙය නිසැකවම සැලකිය හැකිය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන