චීන කොමියුනිස්ට් පක්ෂයේ මුල් අභිප්‍රාය හා මෙහෙවර, ජනතාවට ප්‍රීතිමත් ජීවිත ගෙන දීම සහ රටේ පුනර්ජීවනය සාක්ෂාත් කර ගැනීමයි
2021-06-30 17:05:13
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මුල් අභිප්‍රාය හා මෙහෙවර, ජනතාවට ප්‍රීතිමත් ජීවිත ගෙන දීම සහ රටේ පුනර්ජීවනය සාක්ෂාත් කර ගැනීමයි_fororder_src=http___www.qh.xinhuanet.com_1124824078_15646245517701n&refer=http___www.qh.xinhuanet

මේ වසරේ ජූලි මස පළමුවැනිදා චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සංවත්සරයයි. වසර 1921 සිට 2021 දක්වා කාලය තුළ, චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීන ජනතාව බොහෝ දුෂ්කරතා මැඩපැවැත්වීමට සමත් වුණා. මේ අතර චීන කොමියුනිස්ට් පක්ෂය ජනතාවගේ දැඩි විශ්වාසයට ලක්ව තිබෙනවා.

චීන කොමියුනිස්ට් පාක්ෂිකයින්‍‍ගේ මුල් අභිප්‍රාය පිළිබඳව චීන ජනාධිපති, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින් පිං මහතා බොහෝ වතාවක් සිහිපත් කරමින් අවධාරණය කර තිබෙනවා.  චීන කොමියුනිස්ට් පාක්ෂිකයින්‍‍ගේ මුල් අභිප්‍රාය හා මෙහෙවර, චීන ජනතාවට ප්‍රීතිමත් ජීවිත ගෙන දීම සහ රටේ පුනර්ජීවනය සාක්ෂාත් කර ගැනීම බව හෙතෙම පෙන්වා දුන්නා.

2020 වසරේ නව කොරොනා වසංගතය ලෝකයේ පැතිරීම මධ්‍යයේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය ය‍ටතේ මාස 8 ක් පමණ තුළ චීනය වසංගතය පාලන‍යේ සැලකිය යුතු ප්‍රගතියක් දිනා ගත්තා.

මේ වසරේ පෙබරවාරි මස, චීනය අන්ත දිළිඳුකම තුරන් කිරීමේ කටුක කාර්යභාරය සම්පූර්ණ කළ බව ප්‍රකාශ කෙරුණා. ග්‍රාමීය ප්‍රදේශවල දිළිඳු ජනගහණය වූ මිලියන 98.99 ක් සම්පූර්ණයෙන් ම දරිද්‍රතාවයෙන් මුදවා ගෙන තිබෙනවා. එය චීන ඉතිහාසයේ ප්‍රාතිහාර්යයක් බව ෂී ජින් පිං මහතා කියා සිටියා.

අන්ත දිළිඳුකම තුරන් කිරීමේදී චීනය ලබා ගත් ප්‍රගතිය මුළු ලෝකයේ අවධානයට ලක්ව තිබෙනවා. එම ප්‍රගතිය, චීන කොමියුනිස්ට් පක්ෂයේ ස්ථීර නායකත්වය, ජනතාවගේ උද්‍යෝගිවත්ව වැඩ කිරීමේ ජීවගුණය, නව චීනය ස්ථාපිත කිරීමේ සිට විශේෂයෙන්ම ප්‍රතිසංස්කරණ හා විවෘතභාවයේ සිට ගොඩ නැගූ ද්‍රව්‍යමය පදනම, ශක්තිමත් අධිෂ්ඨානය සහ සියලු ජනතාවගේ සමගිය මත පදනම්ව ලබා ගත් ප්‍රගතියක් බව ෂී ජින් පිං මහතා පැවසුවා.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන