ජල මාර්ග තැපැල් මහත්මයෙක්
2021-06-29 15:15:49
Share with:

උතුරු චීනයේ Shan Dong පළාතේ Wei Shan කෝරළයේ පිහිටි Nan Yang උප නගරය ජල මාර්ග වලින් වටවී තිබෙන ප්‍රදේශයක්. සියලු දෛනික අවශ්‍යතාවන් හා තැපැල් පාර්සල නැව් වලින් ප්‍රවාහනය කළ යුතුයි.

ජල මාර්ග තැපැල් මහත්මයෙක්_fororder_caeccea5c811875f94ca4c887304d487

36හැවිරිදි Wang Shaopeng ,චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක්.  2007 වසරේ රාජකාරි ආරම්භ කළ දා සිට, Wang Shaopeng ,Nan Yang උප නගරයේ එකම ජල තැපැල් සේවකයා ලෙසට කටයුතු කරමින් සිටිනවා.

ජල මාර්ග තැපැල් මහත්මයෙක්_fororder_398b4fada7911702b7d84fcdff132307

ජල මාර්ග තැපැල් මහත්මයෙක්_fororder_196d08b1ef98e7081e5bef6d91fdf3c3

ජල මාර්ග තැපැල් මහත්මයෙක්_fororder_6e1c858e5715ea0da3e2ce11ee39c5e3

ජල මාර්ග තැපැල් මහත්මයෙක්_fororder_a2ad973d1729f4a950660624991c99cc

ජල මාර්ග තැපැල් මහත්මයෙක්_fororder_723763bd242f9153b5fc226c190f86b5

Wang වග කියන තැපැල් සේවා කලාපය, එහි ආශ්‍රිත ව පිහිටි ගම්මාන 7ක් ආවරණය කරනවා. මේ සේවා කලාපය තුළ තැපැල් භාරදීම සඳහා එක් වරකට කිලෝමීටර් 60කට වැඩි දුර  ප්‍රමාණයක් Wang ට ගමන් කරන්න සිදු වෙනවා. ඒ අතරින්, ජල මාර්ග වල දුර ප්‍රමාණය කිලෝමීටර් 45ක් පමණ වෙනවා. Wang හුදෙකලාව මේ ජල මාර්ගය දිගේ වසර 14ක් පුරා ගමන් කර තිබෙනවා.

ගම්මාන වලට ගොස්, පවුල් වලට පුවත්පත්, සඟරා, ලියවිලි, පාර්සල ඔහු යොමු කරනවා. ඔහුගේ රාජකාරි ගැන ගම්වැසියන් හැඟුම් බර වුණා, ලෙන්ගතුකම් ඇති වුණා.

ජල මාර්ග තැපැල් මහත්මයෙක්_fororder_69bd8b494582c8b539f7019e6b3ad40c

ජල මාර්ග තැපැල් මහත්මයෙක්_fororder_3be97035ec320198c46abc84b9de160d

ජල මාර්ග තැපැල් මහත්මයෙක්_fororder_89eaa0298d2c9c34d8d82c4d9b3e007b

ජල මාර්ග තැපැල් මහත්මයෙක්_fororder_8761bdca27a557543785be1b08fb8474

ජල මාර්ග තැපැල් මහත්මයෙක්_fororder_9030a4aae387a60c26c2dc5aa2917fb0

Nan Yang උප නගරයේ මහලු පුද්ගලයින් වැඩි පිරිසක් වෙසෙනවා. පිටතට ගොස් රාජකාරි කරන ඔවුන්ගේ දරුවන් නිරන්තරයෙන් ම අන්තර්ජාලයෙන් මිළදී ගත් විවිධ භාණ්ඩ දෙමාපියන්ට යොමු කරනවා. Nan Yang උප නගරයේ ම උපත ලැබූ Wang Shaopeng අවබෝධ කර ගත්තා, තමන්ගේ තැපැල් බෝට්ටුව කුඩා වුණාත්, එය ඈත් ව සිටින දරුවන් දෙමාපියන්ට දක්වන යුතුකම් සැලකීම්, ඔවුන් අතර පවතින ලෙන්ගතුකම්, ආදරය හා බලාපොරොත්තු පිළිබිඹු කරන බව.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන