ලෝක සුරක්ෂිතතාවය හා ස්ථාවරත්වයට ධනාත්මක බලයක් එකතු කරන, චීන- රුසියා සහයෝගිතාවය
2021-06-29 15:09:54
Share with:

ලෝක සුරක්ෂිතතාවය හා ස්ථාවරත්වයට ධනාත්මක බලයක් එකතු කරන, චීන- රුසියා සහයෝගිතාවය_fororder_17dd7763a0e1232da6e20e509c29c19d

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(28) බෙයිජිංහි සිට රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පූටින් මහතා සමග වීඩියෝ හමුවක් පැවැත්වීය.

‘චීන රුසියානු අසල්වැසි මිත්‍රශීලි සහයෝගිතා ගිවිසුම’දීර්ඝ කිරීමට තීරණය කළ බව නායක දෙපළ එහිදී ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළහ. වසංගතයෙන් තවදුරටත් උග්‍ර වූ ජාත්‍යන්තර තත්ත්වයන් හමුවේ එම ගිවිසුම දීර්ඝ කිරීම, නව යුගයේ චීන රුසියා සම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාවේ දැවැන්ත ජීව බලයේ පිළිබිඹුවක් වන අතර ලෝක සුරක්ෂිතතාවය හා ස්ථාවරත්වයටත් ධනාත්මක බලයක් එකතු කරන්නකි.

වසර 20කට පෙරාතුව ‘චීන රුසියානු අසල්වැසි මිත්‍රශීලි සහයෝගිතා ගිවිසුම’ අත්සන් තැබීම චීන රුසියා සබඳතා ඉතිහාසයේ වැදගත් සිදුවීමක් ලෙස සැලකේ. මිත්‍රශීලි අසල්වැසි රටක් ලෙස සැලකීමේ එකිනෙකාගේ පදනම එමගින් තහවුරු විය. චීනය හා රුසියාව නව සන්ධාන සබඳතාවක් ගොඩනගන බවට එකල බටහිර ලෝකය උද්දීපනය කර තිබිණ. එහෙත් චීන රුසියා සහයෝගිතා, නොබැඳීම, සතුරු නොවීම, තුන්වන පාර්ශ්වයකට එරෙහි නොවීම යන මූලධර්මයට හැම විටම අනුගමනය කරන අයුරින් වර්ධනය වී තිබෙන බව ගෙවී ගිය දශක දෙකක ඉතිහාසයෙන් ඔප්පු විය. චීනය හා රුසියාව හැමවිටම එකිනෙකාගේ කේන්ද්‍රීය පලප්‍රයෝජනයට ගරු කරමින් දැවැන්ත රටවල් සුහද ලෙස ඇසුරු කිරීමේ නව මාර්ගයක් නිර්මාණය කිරීමට සමත් විය.

දැනට ජාත්‍යන්තර දේශපාලන හා ආර්ථික තත්ත්වය පෙර‍ට වඩා සංකීර්ණ වුවද ‘චීන රුසියානු අසල්වැසි මිත්‍රශීලි සහයෝගිතා ගිවිසුමේ’ කරුණු යල් පැනීමෙන් තොරව, ඉන් අලුත් අන්තර්ගතය කියැවීම විශේෂත්වයකි. දෙපාර්ශ්වය එය දීර්ඝ කිරීමට තීරණය කිරීම තුළින් උපායමාර්ගික මට්ටමෙන් සම්පූර්ණ සහයෝගිතා ගැඹුරු කිරීම පිළිබඳ දේශපාලන පොදු අදහස හා අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබිඹු වී තිබේ. දෙරට අතර සම්බන්ධතාවයේ දිගුකාලීන වර්ධනය හා දෙර‍ට ජනතාව අතර පාරම්පරික මිත්‍රත්වය සඳහා ඉන් වඩාත් ශක්තිමත් පදනමක් ලැබෙනු ඇත.

මේ අතර ඇතැම් බටහිර රටවල් සීතල යුද්ධයේ හා භූ‍ගෝලීය දේශපාලන තරගකාරීත්වයේ චින්තනය වැළඳ ගෙන චීනය හා රුසියාවට එරෙහිව නොකඩවාම මර්දන පියවර ගෙන ඇතැයි දක්නට ලැබේ. චීන රුසියා නායකයින්ගේ හමුව හා ඉන් නිකුත් කෙරුණු ඒකාබද්ධ නිවේදනය එවන් දාමරිකවාදය හා ඒකපාර්ශ්විකවාදයට එල්ල වූ පැහැදිලි විරුද්ධතාවන් ලෙසට සැලකිය හැකිය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන