ඇලුමිනියම් ලෝහ හිස් ආවරණයෙන් චීන ඛනිජ තෙල් කම්කරුවන්ගේ ගාම්භීර චින්තනය පිළිබිඹු කෙරේ
2021-06-28 10:39:41
Share with:

ඇලුමිනියම් ලෝහ හිස් ආවරණයෙන් චීන ඛනිජ තෙල් කම්කරුවන්ගේ ගාම්භීර චින්තනය පිළිබිඹු කෙරේ_fororder_src=http___cimg2.163.com_catchimg_20090911_8146402_0&refer=http___cimg2.163

ඇලුමිනියම් ලෝහ හිස් ආවරණයෙන් චීන ඛනිජ තෙල් කම්කරුවන්ගේ ගාම්භීර චින්තනය පිළිබිඹු කෙරේ_fororder_bd3eb13533fa828b40c46539b5d5f43c950a5a5c

ඊසානදිග චීනයේ Hei Long Jiang පළාතේ Da Qing නගරයේ Wang Jinxi අනුස්මරණ ශාලාව තුළ, ජාතික මට්ටමේ පළමුවැනි ශ්‍රේණියේ පුරාවස්තුවක් තැන්පත් කර තිබෙනවා. ඒ ඇලුමිනියම් ලෝහ හිස් ආවරණයක්. හැටේ දශකයේ ඛනිජ තෙල් කම්කරුවෙක් වූ Wang Jinxi රාජකාරි කිරීමේ දී පැළඳ සිටි හිස් ආවරණය මෙයයි.

Wang Jinxi , 1923 වසරේ ඔක්තෝබර් මාසයේ වයඹදිග චීනයේ Gan Su පළාතේ උපත ලැබුවා. 1950 වසරේ, විභාගයකින් සමත්ව නව චීනයේ පළමුවැනි පරපුරේ ඛනිජ තෙල් කැණීමේ කණ්ඩායමට එක් වීමට ඔහුට හැකිවී තිබුණා. 1956 වසරේ දී ඔහු චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක් බවට පත් වුණා. වසර 2කට පසුව, ඔහුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් චීනයේ ඛනිජ තෙල් කැණීමේ ඉහළම වාර්තාව පිහිටුවනු ලැබුවා.

1960 වසරේ දී, Wang Jinxi සහ වෙනත් ඛනිජ තෙල් කම්කරුවන් දැඩි වෙහෙසකින් හා ගාම්භීර චින්තනයෙන් ලෝක මට්ටමේ ඛනිජ තෙල් නිධි ගවේෂණය කිරීමට සමත්වී තිබෙනවා.

දිගු කාලයක් තුළ, ඉතා අධික තීව්‍රතාවයකින් සේවයේ යෙදුණු නිසා, Wang Jinxiගේ සෞඛ්‍ය තත්ත්වය සෑහෙන දුර්වල මට්ටමක පැවතුණා. 1970 වසරේ අප්‍රේල් මාසයේ, ඔහු ආමාශ පිළිකාවකට ගොදුරු වී සිටින බව ස්ථිර කෙරුණා. ඒ වසරේ නොවැම්බර් මාසයේ ඔහු ජීවිතක්ෂයට පත් වුණා. මිය යන විට ඔහු 47වැනි වියේ පසු වුණා. Wang Jinxi අනුස්මරණ ශාලාව ඉදිරිපිට ඉදි කෙරුණු පඩි 47 කින් සමන්විත පඩිපෙළ, අවුරුදු 47කින් යුත් ඔහුගේ අසාමාන්‍ය ජීවිතයේ සංකේතයක් ලෙසට හඳුන්වා දෙන්න පුළුවන්.

ගත වූ වසර 60කට වැඩි කාලය තුළ, ඛනිජ තෙල් සේවකයන්, Wang Jinxiගේ ගාම්භීර චින්තනය ඉදිරියට ගෙන යමින්, දැවැන්ත උත්සාහයෙන්, ස්වයං නිර්මාණශීලීත්වය ඉටු කරලා තිබෙනවා. ඔවුන්ගේ දායකත්වය යටතේ, නව චීනයේ ඛනිජ තෙල් කර්මාන්තය පහළම මට්ටමේ සිට,දැවැන්ත කර්මාන්තයක් දක්වා විශාල ප්‍රගතියක් දක්නට ලැබෙනවා.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන