අනූව දශකයෙන් පසු උපත ලැබූ ‘ මත්ස්‍ය මහාචාර්යවරියක් ’
2021-06-28 10:52:06
Share with:

අනූව දශකයෙන් පසු උපත ලැබූ ‘ මත්ස්‍ය මහාචාර්යවරියක් ’_fororder_6159252dd42a28340d4afbe3d5b15de214cebf73අනූව දශකයෙන් පසු උපත ලැබූ ‘ මත්ස්‍ය මහාචාර්යවරියක් ’_fororder_55e736d12f2eb9380777bb508a66113de5dd6f03

අනූව දශකයෙන් පසු උපත ලැබූ ‘ මත්ස්‍ය මහාචාර්යවරියක් ’_fororder_6609c93d70cf3bc7e657eff64d042ea9cd112a65අනූව දශකයෙන් පසු උපත ලැබූ ‘ මත්ස්‍ය මහාචාර්යවරියක් ’_fororder_72f082025aafa40f0af97c233e60974778f01919

අනූව දශකයෙන් පසු උපත ලැබූ ‘ මත්ස්‍ය මහාචාර්යවරියක් ’_fororder_80cb39dbb6fd52665ab92e163c1c0323d407362aඅනූව දශකයෙන් පසු උපත ලැබූ ‘ මත්ස්‍ය මහාචාර්යවරියක් ’_fororder_9825bc315c6034a8d66162185a17dd5c082376b1

30හැවිරිදි Yuan Ting චීන විද්‍යා ඇකඩමියේ ජල ජෛව පර්යේෂණ ආයතනයේ ආචාර්ය උපාධිධාරිනියක්. 2020 වසරේ, Yuan Ting, Zhu Jiang ගංගාශ්‍රිත සුවිශේෂී මසුන් ප්‍රභේද, වන මසුන්, වඳ වී යමින් පවතින හා දුර්ලභ මසුන් අභිජනනය කිරීම, සුරැකීම මෙන් ම ඒවා මුදවා ගැනීමේ කාර්යයන් වල නිරත වීම පටත් ගත්තා.

වර්ග 2කින් සමන්විත දුර්ලභ මත්ස්‍ය පැටව් ලක්ෂයක් ප්‍රථම වරට ස්වයං ලෙස අභිජනනය කිරීමට, Yuan Ting සහ ඇය සේවය කරන ආයතනයේ විද්‍යා හා තාක්ෂණ කණ්ඩායමේ සාමාජිකයන්, පසුගිය දා සමත් වුණා. මේ අභිජනන ක්‍රියාවලියට වසරක් ගත වෙලා තිබුණා. මේ මසුන් වර්ග දෙක Zhu Jiang ගංගාශ්‍රිත ප්‍රදේශයේ වැදගත් ආර්ථික, විද්‍යාත්මක හා තාක්ෂණික වටිනාකමකින් යුක්ත මසුන් වර්ග දෙකක්. පසුගිය මැයි 28වැනි දා, ඔවුන් මත්ස්‍ය පැටව්, එම ගංගාශ්‍රිත ප්‍රදේශයේ ඉතා වැදගත් ජල කේන්ද්‍රස්ථානයක් වන Da Teng Xia ජල ව්‍යාපෘතියේ ඉහළ කොටසේ ගංගාවට මුදා හැරියා.

“南(nán)有(yǒu)嘉(jiā)鱼(yú),烝(zhēng)然(rán)罩(zhào)罩(zhào)”“南(nán)有(yǒu)嘉(jiā)鱼(yú),烝(zhēng)然(rán)汕(shàn)汕(shàn)”මේ කාව්‍යමය වාක්‍ය දෙකෙන් මසුන් රංචුව ජලයේ පිහිනා යන සුසංගත දසුන විදහා දැක්වෙනවා. ස්වභාවික ජල ප්‍රදේශ වල මසුන් ප්‍රභේද වැඩියෙන් අභිජනනය කරලා මුදා හැරීමෙන්, Zhu Jiang ගංගාශ්‍රිත ප්‍රදේශයේ මසුන් සංඛ්‍යාව ඵලදායී ව වැඩි කළ හැකි බව Yuan Ting අවබෝධ කර ගත් දෙයක්. ජල ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම මෙන්ම ගංගා ජෛව පරිසරය යහපත් කිරීම ද එමගින් ඉටු කෙරෙනවා. එම කාව්‍යමය වාක්‍ය මගින් දැක්වෙන සුන්දර ජෛව දර්ශනය වර්තමානයේ විදහා දැක්වීමට ඉඩ සැලසීම, තමා රාජකාරි සඳහා අඛණ්ඩ ව ඉදිරියට යන ශක්තිය බව Yuan Ting පවසනවා.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන