George Floydගේ නඩු තීන්දුවෙන් හෙළි වූ ඇමරිකාවේ අඳුරු මානව හිමිකම් ස්වභාවය
2021-06-27 20:21:11
Share with:

ඇමරිකාවේ අප්‍රිකානු ජාතික George Floyd ඝාතනය කළ සුදු පොලිස් නිලධාරියෙකු වන Derek Chauvinට වසර 22යි මාස 6ක සිර දඬුවම නියම කර තිබේ. මෙම අධිකරණ තීන්දුව පිළිබඳ කිසිවෙකු සතුටට පත් වී නොසිටින බව පැහැදිලි කරුණකි. මේ වන විට Derek Chauvin තමන් සිදු කළ ඝාතනය පිළිබඳව කිසිදු සමාවක් අයැද නැත. එබැවින් මෙම අධිකරණ තීන්දුව ගෙවී ගිය වසරේ වේදනාවෙන් සිටි George Floydගේ පවුලේ අයට තවත් වේදනා ගෙන දී ඇත.

ගෙවී ගිය වසර තුළ ජනවාර්ගික වෙනස්කම් හේතුවෙන් ඇමරිකානු පොලිස් භටයන් ප්‍රචණ්ඩකාරී ලෙස රාජකාරී කිරීම නතර කර නොමැත. සංඛ්‍යා ලේඛන අනුව 2020 වසරේ ඇමරිකානු පොලිස් භටයන් අතින් ඝාතනය වූ පුද්ගලයන් අතරින් 28%ක් වූයේ අප්‍රිකානු ජාතිකයන් ය.එහෙත් අප්‍රිකානු ජාතිකයන්ගේ ජනගහනය ඇමරිකාවේ සමස්ත ජනගහනයෙන් 13%ක් පමණි.“සමේ පැහැය නිසා පොලීසිය විසින් ඝාතනය කිරීම ගැන තවත් බිය නොවන විට තමයි සැබෑ සාධාරණත්වයක් ඇමරිකානු සමාජයේ තිබෙන්නේ. ”යනුවෙන් George Floydගේ නඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා පෙන්වා දී තිබේ. ඇමරිකාවේ සුළු ජාතීන්ගේ මානව හිමිකම් කුරිරු ලෙස උල්ලංඝනය කිරීමේ යථාර්ථය හා ඉතිහාසය මෙයින් කියැවේ.

සිය රටේ පවතින ජනවාර්ගික ගැටළු නොතකා මානව හිමිකම් මුවාවෙන් චීනයට එරෙහිව කටයුතු කිරීමට ඇමරිකාව සැමවිටම උනන්දු වෙයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 47වැනි සමුළුවේදී ඇමරිකාව ටිබෙටය, ශින් චියං හා හොංකොං යනාදි ප්‍රශ්න පිළිබඳව චීනයට පහර දීමේදී රටවල් 90කට වැඩි සංඛ්‍යාවක් චීනයට සහය පළ කර ඇත. ඇමරිකාව මානව හිමිකම් උපයෝගී කරගෙන චීනයට පහර දීමේ උත්සාහය අසාර්ථක වී තිබේ.එමෙන් ම George Floydගේ නඩු තීන්දුවෙන් හෙළි වූ ඇමරිකාවේ අඳුරු මානව හිමිකම් ස්වභාවය අප කාටත් පැහැදිලි ය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන