න්‍යෂ්ටික අපජල මුහුදට මුදාහැරීමෙන් අත්වන ප්‍රතිවිපාක ගැන සිතා බලන ලෙසට ජපානයට දැඩි ඉල්ලීමක්
2021-06-26 20:19:08
Share with:

මුහුදට මුදා හැරීමට ඇති න්‍යෂ්ටික අපජල පවිත්‍ර කර ඇති බවත්, ඊට ජාත්‍යන්තර පරමානුක බලශක්ති ඒජන්සියේ අවසර ලැබී ඇති බවත්, ඊයේ (25) පැවති සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 31 වන සාමාජිකයන්ගේ රැස්වීමේදී ජපාන නියෝජිතයා පැවසීය. මෙවන් බොරුවක් ජපානය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධාන රැස්වීමකදී කියනු ලැබීම අපට හිතා ගත නොහැකි ය.  

එම න්‍යෂ්ටික අපජල නිසියාකාරයෙන් හසුරුවා ආරක්ෂිත නම් එය මුහුදට මුදා හැරීම වෙනුවට ජපානය රට තුළ යළි භාවිතයට ‍ගන්නේ නැත්තේ ඇයි දැයි මෙහිදී අප ජපානයෙන් ප්‍රථමයෙන් ඇසිය යුතු ප්‍රශ්නයකි.2020 වසරේ පෙබරවාරි මස ජපානය නිකුත් කළ වාර්තාවකට අනුව එම න්‍යෂ්ටික අපජල හැසිරවීමෙන් පසු එහි 73%ක් තුළ ට්‍රයිටියම් අඩංගුවී ඇත. මෑතදී න්‍යෂ්ටික අපජල තුළ තිබෙන ට්‍රයිටියම් තුරන් කිරීමේ තාක්ෂණ සොයා ගැනීම සඳහා ජපානය ප්‍රසිද්ධියේ ජනතාවගෙන් අදහස් විමසූ බව වාර්තා වී තිබේ.මෙවන් තත්ත්වයක් යටතේ ජපානය එක්සත් ජාතීන්ගේ රැස්වීමකදී කළ ප්‍රකාශය කිසිලෙසකින් විශ්වාස කළ නොහැකි ය.

ජපානය සිය න්‍යෂ්ටික අපජල මුහුදට මුදා හැරීමට ගත් තීරණය පිළිබඳව මෙතෙක් ජාත්‍යන්තර පරමානුක බලශක්ති ඒජන්සිය කිසිදු අවසරයක් ලබා දී නොමැත. අදාළ තාක්ෂණික කාර්ය කණ්ඩායම් ස්ථාපිත කර චීන හා දකුණු කොරියානු විශේෂඥයන් ඊට එක් කරවීමට කටයුතු කරන බව ජාත්‍යන්තර පරමානුක බලශක්ති ඒජන්සිය පවසා ඇත.

ජපානය න්‍යෂ්ටික අපජල මුහුදට මුද හැර දින 57ක් ගත වීමෙන් පසු විකිරණශීලී ද්‍රව්‍ය පැසිෆික් සාගරයේ බොහෝ ප්‍රදේශවලට ව්‍යාප්ත වනු ඇත. වසර 10කින් පසු එය ‍ගෝලීය සාගරය පුරාවට ව්‍යාප්ත වනු ඇත. එබැවින් මෙම වගකීම් රහිත ක්‍රියාව වහාම නතර කරන ලෙස අප ජපානයෙන් යළි වරක් ඉල්ලා සිටින්නෙමු.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන