චීනයේ නව පක්ෂ ක්‍රමය යනු කවරක් ද ?
2021-06-25 20:48:11
Share with:

චීනයේ නව පක්ෂ ක්‍රමය යනු කවරක් ද ?_fororder_《中国新型政党制度》白皮书

චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 100වැනි සංවත්සරය එළඹීම ‍නිමිත්තෙන්, චීන රජය අද (25) "චීනයේ නව දේශපාලන පක්ෂ ක්‍රමය"නමැති ධවල පත්‍රිකාව ප්‍රකාශයට පත් කළේය.

චීනයේ පක්ෂ ක්‍රමය හා දේශපාලන ක්‍රමය පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා ගැනීම සඳහා, එය බාහිර ලෝකයට කවුළුවක් විවෘත කළේ ය.

චීනයේ නව දේශපාලන පක්ෂ ක්‍රමයට , චීන කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ 8ක් සහ නිර්පක්ෂ  පුද්ගලයන් අන්තර්ගත වෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ හා පාලක පක්ෂය වන අතර, විවිධ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ චීන කොමියුනිස්ට් පක්ෂ‍යේ නායකත්වය යටතේ ජාතික පාලනයට සහභාගී වෙයි.

ඔවුන් දේශපාලනයට සහභාගී වන පක්ෂ වන අතර, බටහිර දේශපාලන  ක්‍රමයේ මෙන් විපක්ෂ හා විරුද්ධ පක්ෂ නොවේ.

චීන කොමියුනිස්ට් පක්ෂය සහ ඒ ඒ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ අතර සමීප සහයෝගතා හවුල්කාරීත්වයක් පවතී.

චීනයේ නව දේශපාලන පක්ෂ ක්‍රමයේ “නව පරිච්චේදය ” මගින් පිළිබිඹු වන්නේ තීරණ ගැනීමේ ක්‍රියාවලියේ සහ පාලන ක්‍රමවේදයන්ගේ සුවිශේෂත්වයයි.

චීනයේ නව දේශපාලන පක්ෂ ක්‍රමයට අනුව බහුතරයකගේ කැමැත්තට ගරු කළ හැකි අතර, විවිධ මට්ටම්වල සහ සමාජ කණ්ඩායම්වල අවශ්‍යතා වඩාත් මැනවින් නියෝජනය කළ හැකි ය.

එපමණක් නොව, චීනයේ නව දේශපාලන පක්ෂ ක්‍රමය මගින් පක්ෂවල සහ කණ්ඩායම්වල ආරවුල් ඵලදායී ලෙස වළක්වා ගත හැකි අතර, ජාතික ප්‍රතිපත්තිවල අඛණ්ඩතාව සහ ස්ථාවරත්වය සහතික කළ හැකි ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන